(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පෑනක හැඩයෙන් යුත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග පිංතාරකරුවෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

රැදයුම් නියෝග මත සිටින ප්‍රභාත් මධුසංක නොහොත් මිදිගම චූටි නැමැති සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව හෙලි වු තොරතුරු අනුව සැකකරු වැලිගම ඉබ්බාවල තුන්තිරිහේන ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

37 හැවිරිදි සැකකරුට මෙම ගිනි අවිය ලද ආකාරය සහ එයින් අපරාධ සිදුකර ඇද්ද ? අපරාධ කල්ලි අතරට පත්කර ඇද්ද? යන්න සොයා වැඩිදුර විමර්ශන සිදු කිරීමටනියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.