IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොදුවාහනය නගාසිටුවීමට ඉන්දියාව අත දෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය සහ සෙසු ප්‍රවාහන පද්ධතිවල යටිතල පහසුකම් කඩිනමින්  වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය දැක්වීමට පොරොන්දු වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පොසිල ඉන්ධන මත යැපීම අවම කර ප්‍රවාහනය සඳහා බලශක්ති ප්‍රභවයන් ලෙස ජෛව ඉන්ධන සහ විදුලිය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ද ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවෙන් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන බස්රථ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව ද සඳහන් කළේය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය ප්‍රවාහන අමාත්‍යාංශයේදී ඉන්දීය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතිත් ගට්කාරි මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව එසේ පැවසීය.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්දියාවේ සහයෝගීතාවය ලබාගැනීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සංචාරයේදී ඉන්දීය රජයේ රේල් ඉන්දියා ටෙක්නිකල් ඇන්ඩ් ඉකොනොමික් සර්විස් ලිමිටඩ්, ඉන්දියා රේල්වේ කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් සහ රේල් විකාශ් නාගම් ලිමිටඩ් යන ආයතනවල සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ කළමණකාරවරු ඇතුළු නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළේය. 



අදහස් (6)

පොදුවාහනය නගාසිටුවීමට ඉන්දියාව අත දෙයි

Ruhunu Thursday, 03 November 2022 05:09 PM

කිසිම උදව්වක් කරන්න එපා. මෙයාලා සේරම හොරා කනවා. ඒ යන වියදමින් ඉන්දියාවේ නැතිබැරි මිනිස්සුන්ට වැසිකිළි ටිකක් හදලා දෙන්න.

:       3       9

යෝගා Thursday, 03 November 2022 06:34 PM

අපේ දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දීය දුම්රිය සේවයට එකතු කරන්න. අපේ ඉන්න යුනියන්කාරයෝ එක්ක මේක ගොඩ ගන්න බෑ.

:       4       9

Hafeel Friday, 04 November 2022 09:21 AM

අනේ ඉන්දියාව සමග කිසිම ගනුදෙනුවට නොයායුතුයි. මෑතකදී ඉන්දියාවෙන් ආනයන කල අළුත් දුම්රිය මැදිරි 110ක් ධාවනයට නුසුදුසු කියමින් ධාවනයෙන් ඉවත් කරලා තියන්නේ. මේකත් ඉන්දියානු රජයේ බලපෑම් නිසා මේ රටේ පාලකයෝ මිලදී ගත්තෙත්. මෙහම තමයි ඉන්දියානු රජය බලහත්කාරයෙන් අපිට පළාත් සභාවත් නිර්මාණය කලෙත්. මේ සේරම වෙන්නේ අපේ දුර්වල පාලකයන් නිසා.

:       0       3

arschfikaa Friday, 04 November 2022 02:35 AM

සත පහක උදව්වක් කරන්න එපා මෙයාට. කොරලා ඇති උදව් දැන් ඕනෑවටත් වඩා ඇති. ඔය මිනිහා ලංකාවට ඇවිල්ලා ආයෙමත් ඉන්දියාවටමයි බනින්නේ.

:       0       1

Indika Friday, 04 November 2022 06:36 AM

ඔව් ඉතින් ලංකාවේ දුවාගන්න බැරි ජරාම කෝච්චි ටික කොමිස් වලට ගෙනල්ල , ලොරි චැසියට බස් බොඩිය ගහල ගේන බස් ටිකකුයි දුන්නම ඔක්කොම හරි...ඔන්න අත හිත.

:       0       2

chinthana Friday, 04 November 2022 06:05 PM

ගාල්ල, මාතර දුම්රිය පාර කෝටි ගාණක ඉන්දියානු ණයවලින් ඉන්දියානු සමාගමකින් හැදුවා. විනාඩි 5ක් ගමන් කාලය අඩුවුණාලු... එහෙම උපකරණ නම් එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site