IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’පුද්ගලයකුගේ අවම මාසික වියදම රු. 17,000යි’’

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම රුපියල් 17,014 ක වියදම රටටම බලපාන පරිදි සාමාන්‍ය අගයක් ලෙස ප්‍රකාශ කළ බව කියන එම දෙපාර්තමේන්තුව එය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වන බව ද සඳහන් කළේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකුගේ මසක වියදම රුපියල් 18,350 ක් වන බවත් එය වැඩිම වියදම ඇති දිස්ත්‍රික්කය බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

මොණරාගල දිස්ත්‍රික්කය සඳහා වන රුපියල් 16,268 ක මුදල මෙරට දිස්ත්‍රික්ක 25 න් අඩුව මාසික වියදම ද වේ. 



අදහස් (8)

’’පුද්ගලයකුගේ අවම මාසික වියදම රු. 17,000යි’’

ජයරත්න Thursday, 28 March 2024 02:30 PM

ඔය කියන්නෙ දුප්පත්ම අය ගැන නේද?

:       0       12

ෆස්රුල් ගෆුර් - කටාර් Thursday, 28 March 2024 04:17 PM

මම හිතන්නේ මේ සංඛ්‍යා ලේඛන 1990 වසරේ දී සකස් කල එකක් විය යුතුයි. එසේ නොමැති නම් ඇමෙරිකානු ඩොලර් 17,000 ක් විය යුතුයි. ම්නිසුන් නොමග යවන වාර්ථා මේවා. රු 17,000/= කින් මාසයක් පුරාඑක් අයෙකුට හරියටම කෑම වේලක් හෝ කන්න බෑ... බස් එකේ වැඩට යන කෙනෙකුගේ දෛනික වියදම් කොපමණද කියලා දන්නේ නැතිව ඇති මෙයාලට...

:       4       16

අරවින්ද මොනරවිල Thursday, 28 March 2024 04:24 PM

17,000 කින් කන විදියත් කියලා දූන්නා නම් හරි.

:       2       13

Prabha Thursday, 28 March 2024 04:37 PM

ගණන් හැදුවේ රුපියල් වලින්ද?

:       2       16

Hafeel Thursday, 28 March 2024 05:41 PM

බන්දුල ගුණවර්ධන මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි කියලා බලමු...!

:       1       13

chandima Thursday, 28 March 2024 08:02 PM

මේ කියන්නේ කෑම වේලකට ඉන්දියන් බිත්තරයක් එක්කලාද? නැතිවද?

:       0       1

PATTA hora Thursday, 28 March 2024 08:04 PM

බුල්ඩෝග් ගේ ගෝලයෙක් ද නීර්ණය කරලා තියෙන්නේ? අල්කෙපේච්ඡ දිවියක් ගෙවන කෙනෙක් ගේ දිනක ගමනා ගමන වියදම. 200.00 පමන වෙනවා. කෑම වියදම , 800.00 පනිනවා.ඒවාට පමනක් මසකට රු.30,000.00ක්. ඇඳුම්, ස්නානය, විදුලිය, ජලය , ගෑස් , නිවාස, ??

:       0       5

ROHAN Friday, 29 March 2024 04:02 PM

මේ විදිහට රජයට ඕනෑ විදිහට නිලධාරීන් කඩේ යනවා නම් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩක් නැහැනේ. අපේ බදු මුදලින් පඩි ගන්නවා නම් අපිට ඕනෑ විදිහට වැඩ වෙන්න ඕනෑ. පුන්නක්කු කන අය වගේ ඉන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site