(යොහාන් භාසුර)
පෞද්ගලි්ක බස් රථ අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත් වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා අද (24) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ යෑමත් සමඟ දිනකට බස් රථයකට රුපියල් 11,000 ක පාඩුවක් වන බවත් ඉන්ධන සහනාධාරයක් නොදෙන්නේ නම් බස් ගාස්තුව සියයට 35 කින් ඉහළ දැමිය යුතු බවත් ප්‍රියංජිත් මහතා කීය.
අවම බස් ගාස්තුව රුපියල් 27 සිට 35 දක්වා වැඩිවිය යුතු බව කී අංජන ප්‍රියංජිත් මහතා ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් හෙට සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කිරීමට සූදානම් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd