IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෞද්ගලික බස් දුම් පරීක්ෂාවෙන් ඉවත් වෙයි

(නිමල කොඩිතුවක්කු)
සියලුම පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන්  ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී  පැවසීය.
මෙරටට ගෙන්වන ඩීසල් වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහන වල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බැවින් මෙම පියවර ගත් බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් බවත් ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවත් කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් විජේරත්න මහතා පැවසීය.
ලංගම බස් රථ සහ රාජ්‍ය වාහන වල දුම් පරීක්ෂණ පැවැත්වීම ක්‍රමවේදයක් නොමැති බවත් පෞද්ගලික බස් රථ සඳහා දුම් පරීක්ෂාව අනිවාර්්‍යය කරන්නේ නම් ලංගම බස් රථ සඳහාද එම නීතිය ක්‍රියාත්මක විය  යුතු බවත් ඔහු කීවේය.

 
 



අදහස් (6)

පෞද්ගලික බස් දුම් පරීක්ෂාවෙන් ඉවත් වෙයි

geeth Monday, 09 October 2023 04:09 PM

ලංකාවෙ වෙනත් ඩීසල් වාහන දුවන්නෙත් ඔය ඩීසල් වලින්ම තමයි, හබැයි බස් රථ සේවකයො ඩීසල් වලට භූමිතෙල් කවලං කරනව. ඉතින් දුම් පරීක්ෂණ අසමත් වෙනව

:       0       43

කිරිපුතා Monday, 09 October 2023 04:27 PM

රටේ පවතින නීතියෙන් එහෙම ඉවත් වෙන්න පුළුවන්ද? කසිකබල් බස් දාගෙන පරිසරයම දුම්වලින් ශබ්දයෙන් දූෂණය කරගෙන සල්ලිම හොයනවා මිසක් ඒවාට සාධාරණ විසඳුම් දීගෙන පරිසරයත් ආරක්ෂා කරගෙන ව්‍යාපාරයක් කරන්න අදහසක් නෑ.

:       0       29

ගුනසේකර Monday, 09 October 2023 04:39 PM

රජයේ වාහන දුම් සහතික ගන්නවා කියලා රජයේ සේවයේ හිටපු කෙනෙක් හැටියට කියන්න පුළුවන්. ඇත්තටම පුද්ගලික බස්වලට ඩීසල් සමග භූමිතෙල් යොදා ධාවනය කරනවා. එහෙම කරලා ඩීසල් බාලයි කියලා කියනවා...

:       0       27

රාවණා Monday, 09 October 2023 04:48 PM

නියම තීරණයක්..., ලංගම බස් දුම් පරීක්ෂණය ආරම්භ කරනතුරු ඉවත් වී සිටින්න. එක බස් කොටසකට විතරක් පරීක්ෂණ කුමකටෙයි...!

:       16       8

රංජිත් Tuesday, 10 October 2023 07:30 AM

එහෙම රටේ නීතිය කඩකරනවා කියලා ප්‍රසිද්ධියේම කියනවා නම් ඒකත් ත්‍රස්තවාදයක් තමයි

:       0       1

lankaputha Tuesday, 10 October 2023 07:55 AM

පුද්ගලික බස් රථයක් දුම් පරීක්‍ෂණය කරන තුරු, අනෙක් සියලුම වාහන ද දුම් පරීක්‍ෂණය වර්ජනය කරමු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site