IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුද්ගල මළ සිරුරක් මහ පාරේ

(සනත් ගමගේ)

හම්බන්තොට ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේ ‍ හම්බන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගය අසල නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) හමුවී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය කියයි.

දින කිහිපයක් ගත වූ මළ සිරුර නරක් වි  ඇති අතර පාදයේ කොටසක් සතුන් විසින් කා දමන්ට ඇතැයි පොලිසිය සැක කරයි.

වයස අවුරුදු 50 ක් තරම් වන මෙම පිරිමි පුද්ගලයා කලුපාට කොට කලිසමක් හා කමිසයක් ඇඳ ඇති අතර මළ සිරුර මුණින් අතට වැටි ඇති බවද පොලිසිය කියයි.

ප්‍රධාන මාර්ගයට සමීපව  ආරක්ෂිත යකඩ වැට සමීපයේම ඇති මළ සිරුර මාර්ගයේ ගමන් ගත් කිසිවෙක් පසුගිය දිනවල දැක නැති අතර හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකල පරීක්ෂාවක දී මෙම නරක් වූ මළ සිරුර හමු වී ඇති බව පොලීසිය කියයි.

 

 



අදහස් (2)

පුද්ගල මළ සිරුරක් මහ පාරේ

ජයන්ත Thursday, 26 September 2024 11:57 AM

පසුගිය අරගල කාලේත් මළ සිරුරු මුහුදේ ගහගෙන ආවා. පසුව තමා දැන ගත්තේ ඒවා රෝහල්වල හඳුනා නොගත් පුද්ගලයින්ගේ මළ සිරුරු කියලා. නව ආණ්ඩුව අපහසුතාවයට ලක් කලන්න පිරිසක් මෙවැන්නක් කරනවද කියලා කාටවත් සැක නැද්ද?

:       6       6

පිටිගල මිලානෝ Thursday, 26 September 2024 01:23 PM

ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට පැමිණි කෙනෙක් වෙන්න ඇති…

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site