
(සනත් ගමගේ)
හම්බන්තොට ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේ හම්බන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගය අසල නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) හමුවී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය කියයි.
දින කිහිපයක් ගත වූ මළ සිරුර නරක් වි ඇති අතර පාදයේ කොටසක් සතුන් විසින් කා දමන්ට ඇතැයි පොලිසිය සැක කරයි.
වයස අවුරුදු 50 ක් තරම් වන මෙම පිරිමි පුද්ගලයා කලුපාට කොට කලිසමක් හා කමිසයක් ඇඳ ඇති අතර මළ සිරුර මුණින් අතට වැටි ඇති බවද පොලිසිය කියයි.
ප්‍රධාන මාර්ගයට සමීපව ආරක්ෂිත යකඩ වැට සමීපයේම ඇති මළ සිරුර මාර්ගයේ ගමන් ගත් කිසිවෙක් පසුගිය දිනවල දැක නැති අතර හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකල පරීක්ෂාවක දී මෙම නරක් වූ මළ සිරුර හමු වී ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය අරගල කාලේත් මළ සිරුරු මුහුදේ ගහගෙන ආවා. පසුව තමා දැන ගත්තේ ඒවා රෝහල්වල හඳුනා නොගත් පුද්ගලයින්ගේ මළ සිරුරු කියලා. නව ආණ්ඩුව අපහසුතාවයට ලක් කලන්න පිරිසක් මෙවැන්නක් කරනවද කියලා කාටවත් සැක නැද්ද?
ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට පැමිණි කෙනෙක් වෙන්න ඇති…