IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියැදුරා රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති පොලිස් ආරක්‍ෂක අංශයේ පොලිස් රියදුරකු ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඔහුගේ රියදුරු බලපත්‍රය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමටද නියම කළේය”

මෙම රිය අනතුර දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සහ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කර බලමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන බව සඳහන් කරමින් මහබාගේ පොලිසියේ සැරයන් කුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාතවරයා එලෙස නියම කළේය.

සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ජනාධිපති පොලිස් ආරක්‍ෂක අංශයේ පොලිස් රියදුරු (100949) වන බෙලිඅත්ත ඉහළ බෙලිගල්ලේ පදිංචි සජිත් කුමාර විතානගේ නමැත්තාය.

සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන් මහබාගේ පොලිසියේ සැරයන් කුලරත්න මහතා පසුගිය 24 වැනිදා රාත්‍රී 10.30ත් 11.00ත් අතර කාලයේ මහබාගේ හන්දියේ ඇති පදික මාරූවෙන් 65 හැවරිදි වයෝවෘද්ධ පුද්ගලයකු පාර මාරූ වෙමින් සිට ඇති බවත් ඒ අවස්ථාවෙදී සැකකරු ඩබ්ලිව්.පී. පී.එෆ්. 7310 දරණ කැබ් රථය නොසැළකිලිමත් ලෙස පදවමින් පදික මාරූවෙන් පාර මාරූ වෙමින් සිටි පුද්ගලයා හප්පා ඇතැයි දැනුම් දුන්නේය.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබු පදිකයා වහාම රෝහල් ගත කර ඇති නමුත් මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ යැයි කී සැරයන් කුලරත්න මහතා මෙම රිය අනතුර දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සහ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කර බලමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන්නේ යැයිද කීය.

තුවාලකරු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් ඔහුගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීමට තවමත් නොහැකි වී අතැයිද සැරයන් කුලරත්න මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (4)

පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියැදුරා රිමාන්ඩ්

sugath Saturday, 26 October 2024 01:21 AM

දේශපාලකයින් බොහොමයකට වගේම ඒ අය වටේ සිටි ආරක්ෂකයින් ඇතුළු බොහෝ දෙනෙකුටත් එකම උණ තමයි වැළඳිලා තිබුනේ. කොයි කාටත් එකම හැන්දෙන් බෙදුවොත් ටික කලකින් මේ අසනීපය සුව වේවි .

:       1       5

sam Saturday, 26 October 2024 06:39 AM

බෙලි අත්තෙනේ සුනාමියලාගේ කෙනෙක් වෙන්න ඇති..

:       4       3

Gamini Saturday, 26 October 2024 06:51 AM

ටිකක් උණ ගැනීගෙන ඇවිත් වගේ...!

:       2       7

Rohitha Saturday, 26 October 2024 02:58 PM

මොන කැම්පස් එකේද දන්නේ නෑ...

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site