(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් වසරේ පැවති අරගලයේදී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දා ප්‍රකාශ කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සදුදා ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කර ඇත.
ආපදාවට ලක් වූ මැති ඇමැතිවරුන් එක්ව අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් තමන් ද නොදැනුවත්ව ඉවත් කරගෙන ඇතැයි එම මන්ත්‍රීවරුන් සදහන් කර ඇත.
එම නඩුව ඉවත් කරගෙන ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට පොලිසිය දුන් සහතිකයක් මත වුවද,ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
එම වැරදි කළ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව තමන් තුළ බලවත් කනගාටුවක් තිබෙන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
පොදුජන පෙරමුණේ ගාමිණී ලොකුගේ,සාගර කාරියවසම්,ඩී බී හේරත් ඇතුළු මන්ත්‍රී වරුන් ගණනාවක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු පෙරමුනේ ඉන්නේ වැඩි හරියක්ම මහාපරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ වලින් හම්බකරගත්තු දූෂිත දේශපාලුවන් කියලා රටම දන්නවා...
ඔය ගෙවල් හදලා තියෙන්නේ ජනතාවගේ සල්ලි මාටිය ගහලා, කප්පම් අරගෙන..., අනික මිනිස්සු කුලප්පු කරපු මයිනාගෙන් සල්ලි ඉල්ල ගනිල්ලා ඔබලාගේ ගෙවල් හදාගන්න...
සෑහෙන්ඩ මහන්සි වෙලා හම්බ කරගත්තු සල්ලි වලින් හදපු ගෙවල් වෙන්ඩැති .
ලංකාවේ නැවත ගෙවල් හදන්න එපා... මේ අවස්ථාවේ පුළුවන් නම් වෙන රටකට පැනලා පලයල්ලා. මේකෙ හිටියොත් ලබන අවුරුදු 2-3 තුළ මිනිස්සුන්ගෙන් ගුටිකාලා මැරෙන්න හෝ නඩුහබවලට පැටලිලා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ද වෙනවා.
ඔය කියන දේපල මහා මන්දිරවලට හානි පූර්ණ වන්දි ගෙවන්න කලින් ඒවා ඔවුන්ට හිමිවූයේ කෙසේද යන්න සොයා බැලීමට වහාම අපක්ෂපාති පරීක්ෂණයක් කළයුතුව ඇත. මේ පුද්ගලයින්ට තිබිලා තියෙන්නේ අරාබියේ සුල්තාන් වරුන්ට වගේ දේපලයි. ඒවා සාධාරණ ක්‍රමවේදයන්ට අනුව සිදු කර ඇත්නම් රටේ අනිත් මිනිස්සුන්ටත් එවැනි ක්‍රමවේදයන් හඳුන්වාදී ඒ ඔස්සේ සැමට ඉසුරුමත් බව ලබාගත හැකිය. එවිට අපේ රටේ දුප්පත්කම තුරන් වනු ඇත. 2048දී රට දියුණු වන තෙක් සිහින දැකීමට අවශ්‍ය නොවනු ඇත...
මුන් හොරකමි කරපුව නැද්ද අඩන්නෙ අවික මුන් ජනතාවට කරපු දෙයක් නැහැ මහින්දත් එක්ක එකතුවෙලා රට කෑව ලොන් හරක්