
(විමුක්ති එස් රුද්‍රිගු)
පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්‍රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව ඇත.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් සිංහ තාරකා මණ්ඩලයේ පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයේ වායුගෝලයෙන් මෙම සාක්ෂිය හමුවී තිබේ.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් දත්ත භාවිතා කරමින් ආචාර්ය මධුසුදන් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායම මෙම සොයාගැනීම සිදුකර ඇත.
සෞරග්‍රහ මණ්ඩලයකට අයත් නොවන කේ2-18බී නම් මෙම ග්‍රහලෝකය රතු වාමන තාරකාවක් වටා කක්ෂගතව ඇති බවත් එහි උෂ්ණත්වය පෘථිවියේ උෂ්ණත්වයට සමාන බවත් ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රකාශ කළේය.
කේ2-18බී ග්‍රහලෝකය රතු වාමන තාරකාවකට ඉතා සමීපව කක්ෂගතව ඇති බැවින් එහි අවුරුද්දකට තිබෙන්නේ දින 33 ක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
කේ2-18බී ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් නම් රසායනික සංයෝග තිබෙන බවට සාක්ෂි හමුවූ බවත් එම රසායනික සංයෝග නිපදවනු ලබන්නේ ෆයිටොප්ලැන්ක්ටන් නම් කුඩා මුහුදු පැළෑටිවලින් බවත් ඔහු පැවැසුවේය.
එය මෙතෙක් පෘතුවියෙන් පිටත ජීවය තිබෙන බවට හමුවූ ප්‍රබලතම සාක්ෂිය බවත් එහෙයින් කේ2-18බී ග්‍රහලෝකය සාගරයකින් වැසී තිබෙන බවට විශ්වාස කෙරෙන බවත් ඔහු සඳහන් කළේය. එසේම කේ2-18බී ග්‍රහලෝකය පෘථිවියට වඩා 2.6 ගුණයකින් විශාල වන බවත් 8.6 ගුණයක ස්කන්ධයකින් යුක්ත බවත් ඔහු ප්‍රකාශ කළේය.
කේ2-18බී ග්‍රහලෝකය පෘථිවියට වඩා දහස් ගුණයකින් ශක්තිමත් බවට ඇස්තමේන්තු කර ඇතැයිද ඔහු පැවැසුවේය.
කෙසේ නමුත් ලබාගත් තොරතුරු තහවුරු කර ගැනීමට තවදුරටත් නිරීක්ෂණ සිදුකළ යුතු බව ආචාර්ය නික්කු මධුසුදන් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු
කපුරු හාමි Thursday, 17 April 2025 04:55 PM
අපි නම් මුලින් හිතුවේ අභ්‍යාවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන මැදමූලනේ හාදයාගේ වැඩක් වෙන්ඩැති කියලා...
වික්‍රම විදුර Thursday, 17 April 2025 08:21 PM
රනිල් ප්‍රේමදාස පොල්පෝට් හිට්ලර් වගේ අය හිටියේ නැත්තං ඒ ලොකෙ හරි ලස්සන ඇති.
Lalith Thursday, 17 April 2025 10:50 PM
ඔය තරම් විස්තර ඇතුව තියන තැන කියන්න එපා අප්පා. රනිල් එහෙත් ගිහින් පිනට ජනාධිපති වෙයි.
Lakmal - Katunayaka Friday, 18 April 2025 09:15 AM
රාජපක්ෂ නැති ලොවක් හමුවේවා
Chamith Lakshan Friday, 18 April 2025 10:13 PM
පෘථිවියේ මාසයයි, එහෙ අවුරුද්දයි...
Ishan Dushyantha Saturday, 19 April 2025 09:13 AM
මෙතැනත් දේශපාලනය...