
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට විවිධ අපරාධ සඳහා යතුරුපැදී සැපයූ "කිතුලම්පිටියේ ගඩ්ඩා" නැමැත්තා අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා යතුරුපැදි 5 ක්, ලියාපදිංචි අංක තහඩු දෙකක් සහ අයිස් මත්ද්‍රව්‍ය ද පොලිස් භාරයට ගෙන ඇත.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොරා ගත් යතුරුපැදියක්, ලියාපදිංචි අංක තහඩු දෙකක් නිවසේ තිබී හමුවී ඇති අතර වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිදු කළ අපරාධ රැසක් හේතුවෙන් බන්ධනාගාර ගතව සිට ඉකුත් දෙසැම්බර් මාසයේ ඇප මත පැමිණී බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සැකකරු බන්ධනාගාර තුළ සිටියදී තවත් පාතල කණ්ඩායමකගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ මාමාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති අතර එයින් අනතුරුව සැකකරුට ජීවිත තර්ජන එල්ල වීම හේතුවෙන් මෙලෙස කළුතර ප්‍රදේශයට පැමිණ සැඟව ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
28 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතාලයට අත දුන්න පාතාලයෙක් මාට්ටු