
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයාගෙන් රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමට හැකිවූ බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව එම ගිනි අවිය, එයට යොදන මැගසිනය මිලි මිටර් 5 ප්‍රමාණයේ ජීව උණ්ඩ 5 ක් සොයා ගැනීමට හැකි වී ඇත්තේ මතුගම යට දොළොවත්ත ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබියදීය .
මතුගම ශාන් අරෝස් ජයසිංහ නොහොත් මතුගම ශාන් නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ සමීප තමයෙකුවන විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් සැකකරු ට මනුෂ්‍ය ඝාතන තැත් කිරීම්, පුද්ගල පැහැර ගැනීම්, හා හොරයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම් ආදී නඩු කිහිපයක් සඳහා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු රැසක් නිකුත් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉකුත් අගෝස්තු මස 29 වෙනිදින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට රැගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd