(යොහාන් භාසුර)
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශයට උපදෙස් දුන් බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරියෙක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන ඇති බව කී පොලිස්පතිවරයා චෝදනා එල්ල වී ඇති සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඇති දුරකථන සංවාද පොලිස් විශේෂ විමර්ශන අංශයට යොමුකර ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන සුළු පිරිස් පොලිස් ස්ථාන පිරිසිදු කිරීම්, පාට කිරීම් වැනි කටයුතුවල නිරත වන බවට කසුකුසුවක් තිබේ. ඒ කියන්නේ, ඔවුන් පොලීසිය සමග ගනුදෙනු කරන වගයි. කුලියක්, මලියක් නොගෙවා වැඩ ගැනීමයි. මේ ගැනත් විමසිල්ලෙන් සිටිනා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. මෙය උසස් නිලධාරීන්ගේ අවධානය පිණිසයි...
ඔය කියන නිලධාරීන් කවුද? වැඩ කරන්නේ ජනතාව ඔවුන්ගේ පඩි ගෙව්වේ.. එමනිසා ඔවුන් කවුද කියන එක හැමෝම දැනගත යුතු දෙයක්...
කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් ලොකුම ගණුදෙණුකරු හොයාගන්න පුළුවන්...
තල්මස් කුඩ්ඩන් එක්ක ගණුදෙණු පවත්වන තල්මස් පොලිස් ලොක්කන්ට විරුද්ධව පියවර ගන්න තව පොලිසියක් පිහිටුවන්න ඕනෑ...
විමර්ෂණය කරන නිලධාරීන් අතරත් එක දූෂිත නිලධාරියෙක් හිටියොත්... ?