
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බව පාරිසර යුක්ති කෙන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (27) දැනුම් දුන්නේය.
මාදම්පේ ප්‍රදේශයේ සිලිකා වැලි කැණීම් සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලු අවස්ථාවේදී පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ඒ බව දැනුම් දුන්නේය.
ග්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, ජනක ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්තුරුන්ගේ සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි. පාරිසරික යුක්ති කේන්ද්‍රය ගො කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් භූ විද්‍යා පතල් කැනීමේ කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.
මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවක වසම් නවයක සිලිකා වැලි කැනීම් ස්ථාන 40 ක් පවතින බවත් අක්කර 200ක පමණ ප්‍රදේශයක් පුරා වැලි කැනීම් විහිදී ඇති බවත් මේ හේතුවෙන් විශාල පරිසර හානියක් වන බවත් ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරු අදාළ නීති විරෝධී කැනීම් නැවැත්වීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබිණී.
එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව පැවතුනු තත්ත්වය එලෙසම පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබුණත් අධිකරණ නියෝගයට පටහැනිව භූ විද්‍යා පතල් කැනීමේ කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැලි කැණීමේ බලපත්‍ර හතරක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු අධිකරණ නියෝගයට පටහැනිව ඔහු කටයුතු කර ඇත්නම් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි අපේ ප්‍රදේශයේ නිවාස වලින් වටවූ කුඹුරක බැකෝ පතල් ව්‍යාපාරයක් කරන්න සූදානම් වූ අවස්තාවේ ගම් වාසීන් ඔය කියන දෙදෙනෙකුට ලිපි මගින් අනතුරු දායක බව දන්වා යැව්වා එම පතල් නිසා නිවාස කීපයක් අනතුරට පත්වුනා සාමාන්‍යයෙන් රජයේ ආයතනයක් වෙතට ලිපියක් ලැබුනොත් ලැබුණු බව දන්වන්න කියලා තිබුනත් මෙතෙක් පිළිතුරක් එව්වෙ නැහැ එහෙම නොසැලකිලිමත් ආයතන ප්‍රධානීන් දෙදෙනෙකුට කුමක් හෝ අමතක නොවන දඩුවමක් දියයුතුය
මොවුන්ව වහාම ක්‍රියාත්මක වෙන පරිදි හිරකරන්න... මොවුන් වගේ කාලකණ්ණි එල්ලන්න ඕනේ...
වැලි ජාවාරම නිලධාරීන් ජාවාරම් කාරයන් එක්කම කරන වැඩක්. ඔය වැලි ගොඩදාන සහ බෙදාදීම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවලට ලබාදෙන්න. ගංගා, ඔයවල් වලින් පරිසර හානියක් නොමැතිව වැලි ගොඩ දාලා ජනතාවට බිලකින් නිකුත් කරා නම් ඔය මගඩි ඔක්කෝම ඉවර වෙනවා. අද අහිංසක මිනිහෙකුට ගෙයක් හදාගන්න විදියක් නැහැ... වැලිවල අධික මිල නිසා..!