(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූ බවට කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් මහතා ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (29) නියෝග කළේය .
මෙම සැකකරු පොදු දේපළ පනත ප්‍රකාර වරදක් සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම අදාල උද්ඝෝෂණයේ දී යුද හමුදා නිලධාරීන්ගේ අවි පැහැර ගැනීමක් සිදුවී ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා විශේෂඥ වෛද්‍යවරයෙකු වන අතර යුද හමුදාවේ ද සේවය කර ඇති බැවින් පැමිණිල්ල සඳහන් කරන ආකාරයට යුද හමුදාවේ ගිනි අවි පහර ගැනීමක් සිදු නොකළ බව ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියම කළේය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයෙ (28) ගොස් සිටියදී පැතුම් කර්නර් මහතා අත්අඩංගුවට ගෙන තිබුණි .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පැතුම් කර්නර් 4තෙක් රිමාන්ඩ්
Saman Friday, 29 July 2022 04:05 PM
ලාල්කාන්තලා, හඳුන්නෙත්තිලා අත්අඩංගුවට ගත යුතුයි... පැතුම් කර්නල්ලා නෙමෙයි.
PereraSaturday, 30 July 2022 12:28 AM
ඒක තමයි. සිංගප්පූරුවෙ කළා වගේ විපක්ෂයේ සියලු දෙනාම අල්ලලා හිරේ දාලා රට සුඛිත මුදිත කරලා ගන්නයි තියෙන්නේ... නේද?
Kumara Friday, 29 July 2022 05:59 PM
දැන් බබා...!
sampath Friday, 29 July 2022 08:24 PM
පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට අවස්ථාවක් පේන්නේ නැහැ. නමුත් අයුතු ජනරාශිය සම්බන්ධව චෝදනා ගොනුකළ හැකි වෙයි.
BamunuarachchiSaturday, 30 July 2022 05:49 AM
මොන මගුල කරලා හරි මොවුන් කාලයකට ලොක්අප් කරන්න.
lakvidu Saturday, 30 July 2022 09:07 AM
එතකොට මිනීමරුවෝ නිදොස්කොට නිදහස්... බැසිල්ගේ නඩුවල තාක්ෂණික දෝෂ, ඔයාට ඒවා පේන්නේ නැහැ නේද?
Bamunuarachchi Saturday, 30 July 2022 05:47 AM
අපෝ මදි හදිස්සිනීතිය යටතේ තව කාලයක් තියා ගන්න පුළුවන්.
rocky Saturday, 30 July 2022 07:09 AM
මේවා අත්‍යාවශ්‍ය සේවා යැ!