
(චන්දන හෙන්දුරුගොඩ)
වයඹ පළාත් සභාවට අයත් පුත්තලම මූලික රෝහලේ මළ අප ද්‍රව්‍යය හා රෝහල් අපද්‍රව්‍ය පරිසරයට එක්වීම නිසා රෝහල් සේවාවනට බධා පැමිණ සෞඛ්‍යයට ද තර්ජනයක් එල්ලවී ඇති බව රෝහල් සේවකයෝ පවසති.
දැනට රෝහලේ ඇති වැසිකිලි පද්ධතිය රැසක්ම පිරී ඉතිරී ගොස් කාණුවලට හා රෝහල් අවට භූමියට එක්වී ඇති අයුරු දක්නට ලැබෙන් අතර රෝගී සත්කාරයෙන් පසුව ඉවත් කරනු ලබන අප ද්‍රව්‍යය රැසක්ම රෝහලේ කාණු දිගේ ගලා යන අයුරු දක්නට ලැබේ.
මේ තත්වය හේතුවෙන් රෝහල අවට මදුරු ගහණය වැඩිවි ඇති අතර දුගද හමන බවයි රෝහල් අවට පදිංචි කරුවෝ පවසති.
මේ තත්වය දැනට දීර්ඝ කාලයක සිට දක්නට ලැබෙන බවත් රෝහල් බළධාරින්ට මේ පිළිබදව කොතෙකුත් දැනුවත් කලත් වැඩක් නොවන බවත් රෝහල් කාර්ය මණ්ඩලය චෝදනා කරති.
මේ පිළිබදව පුත්තලම මූලික රෝහලේ වෛද්‍යය අධිකාරී විශේඥ වෛද්‍යය තිළිණා වනිගසේකර මෙනවියගෙන් කළ විමසීමකදී එතුමිය සදහන් කළේ මම සේවයට පැමිණ මාස කිහපයක් වන්නේ, මේ පිළිබදව අදාල බළධාරින් දැනුවත් කරලා තියෙන්නේ මුදල් ප්‍රථිපාදන ලැබුණු විගස මේ සදහා කටයුතු කරනවා. ඉකුත් සතියේ සෞඛ්‍යය ආමාත්‍යංශ ලේකම් විශේඥ වෛද්‍යය පාලිත මහිපාල මහතාගේ පුත්තලම මූලික රෝහල නිරීක්ෂණය අවස්ථාවේදීද මේ පිළිබදව ලේකම් තුමා ඇතුළු ආමත්‍යංශ නිළධාරින්ද දැනුවත් කළා .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් බිලියන ගණන් වියදම් කරමින් පළාත්සභා නඩත්තු කරන එකේ තේරුමක් තිබෙනවා මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය සේවාවක් වන රෝහල් වල , වැසිකිලි ටිකවත් නිසිලෙස නඩත්තු කරගන්න බැරි නම් ?
අලුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි රෝහලුත් සුද්ද කරන්න වෙලා වගෙයි
පළාත් සභාව යටතේ තියෙනකල් හරි පහසුකම් පුත්තලම රෝහලට ලැබෙන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ ගත්තම මේ රෝහලට ලැබෙන්න ඕනෑ දේ හරියට ලැබෙනවා...