
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
ආණමඩුව කොට්ටුකච්චියෙ හා පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශවල 21 දින මධ්‍යම රාත්‍රියෙ සිදුවු මාරක අනතුරු දෙකකින් එක් අයකු මරණයට පත්ව තවත් හය දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන පවසති.
මෙසේ මරණයට පත්වෙ ආර්.ඒ.ඩබ්ලියු.අජීත් කුමාර නැමති මහකෝන්වැව තබ්බෝව ප්‍රදේශයෙ පදිංචි 45 වියැති අයෙකු බව කියයි.
මරණයට පත්වු අජීත් කුමාර රැකියාවට ගොස් නිවස බලා පුත්තලමේ සිට තබ්බෝව දක්ව යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අනුරාධපුර සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථයක මුහුණට මුහුණ ගැටි අනතුර සිදුවු ස්ථායෙදීම මරණයට පත්ව ඇති බව පුත්තලම පොලිසිය කියයි.
එම අනතුරින් සුඛෝපභෝගි මෝටර් රථය යතුරු පැදියෙ ගැටි පෙරළි ගොස් අනතුරට ලක්ව තිබුනී.
එම අනතුරින් සුඛෝපභෝගී මෝටර් රථයෙ ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබුනී.
කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී ත්‍රි රෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටි සිදුවු අනතුරින් ත්‍රි රෝද රථයෙ ගමන් ගත් දෙදරු පියකු වන කොට්ටුකච්චිය උස්බිම ප්‍රදේශයෙ පදිංචි යුධ හමුදාවේ විශ්‍රාමිකයකු වන ප්‍රියන්ත බංඩාර නැමති අයකු බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කිරිමේන් පසු පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බව ආණමඩුව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුත්තලමේ අනතුරු දෙකකින් එකක් මරුට: හයක් රෝහලට