(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රෝහණ සමරවීර)

ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක        පැහැරගෙන ගොස් ඇය ඝාතනය කර සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ සූරියවැව වීරියගම රවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩගමගේ මල්කාන්ති නැමැති 58 හැවිරිදි කාන්තාවකි.

හෝටල් හිමියාගේ බිරිය හා ඝාතනයට ලක් වූ කතගේ පුතකු සමග ඇති අනියම් සම්බන්ධයෙක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත'

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් හිමි ව්‍යාපාරිකයකු ඇතුළු  තිදෙනකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔවුන් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.