IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පීඩාවට පත් ජනතාවට නාවික හමුදාවෙන් සහන

(යොහාන් භාසුර)

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කළ නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් පීඩාවට පත් මහජනතාව ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රාවලින් ප්‍රවාහන පහසුකම් හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව කරන බව නාවික හමුදාව පැවසීය.

එම කණ්ඩායම් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් අපදාවට පත්ව සිටින ජනතාවට සහන සළසන බවත්
අද (3) පෙරවරුව වන විට පුද්ගලයන් 36 ක් මුදාගැනීමට සහ පුද්ගලයන් 400 කට ආසන්න සංඛ්‍යාවක් යාත්‍රාවලින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සහ ආහාරපාන බෙදාහැරීම ඇතුළු සහන සැලසීමට කටයුතු කර ඇති බවත්  නාවික හමුදාව කීය.


නාවික හමුදාව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල, සීතාවක සහ හංවැල්ල යන ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක්, කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, බුලත්සිංහල, ඉංගිරිය සහ වැලිපැන්න ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් අටක්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙත සහන කණ්ඩායමක්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, උඩුගම, බද්දේගම සහ නාගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක් සහ මාතර දිස්ත්‍රික්කයේ මාතර, මාලිම්බඩ, අකුරැස්ස, පනාතුගම සහ කඹුරුපිටිය ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් 12 ක් ලෙස වශයෙන් සම්පුර්ණ  ආපදා සහන කණ්ඩායම් 33 ක් ආපදා සහන මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ද නාවික හමුදාව කියයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට නාවික හමුදා අමතර  සහන කණ්ඩායම් 60 ක් සූදානමින් තබා ඇති බ ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරයි.

 

 



අදහස් (1)

පීඩාවට පත් ජනතාවට නාවික හමුදාවෙන් සහන

ගමේ එකාලා Monday, 03 June 2024 01:55 PM

පොහොට්ටුවේ ජාතික සන්විධායක හොර පෙරකදෝරුවත් මිලියනයකින් ආධාර කරන්න යනවා කියලා ආරන්චියක් තියෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site