(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල හල්වතුර සුදම්වර්ධනාරාම විහාරස්ථානයේ වැඩ විසූ (13) හැවිරිදි අමරගෙදර දේවසිරි නැමති සාමණේර හිමියන් ඉකුත් (21) දින සිට ආගිය අතක් නැතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

ගෝවින්න රැටියල පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සාමණේර හිමියන් ඉකුත් (21) දා රාත්‍රියේ සිට විහාරස්ථානයේ නොමැති බවට බුලත්සිංහල හල්වතුර සුධම්වර්ධනාරාමාධතිපති  කොස්ගල සිරිධම්ම හිමියන් බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම සාමණේර හිමියන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0342282292, 0775155744, 078594395 බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ මහතාට හෝ ලඟම ඇති පොලිස්ථානය⁣ට දන්වන මෙන් බුලත්සිංහල පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.