IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පොඩි පන්තියේ වාහන ලක්ෂ දහයක් කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ)

උග්‍ර ආර්ථික ගැටලු හේතුවෙන් මධ්‍යම පන්තියේ ජනතාවගේ මෝටර් රථ සහ  යතුරුපැදි ඇතුළු  විවිධ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් කලට වේලාවට නඩත්තු කර පවත්වාගෙන යෑමට  නොහැකිවීමෙන්   නිවෙස් වල සහ ගරාජවල  දිරාපත් වෙමින් පවතින  බව වාහන නඩත්තු සේවා ආයතන සහ මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම  දුම් සහතික ගාස්තු සහ  රක්ෂණ ගාස්තු ඉහළ යෑම හේතුවෙන් ආදායම් බලපත්‍ර  ගැනීමට නොහැකිවීමෙන්ද වාහන විශාල ප්‍රමාණයක් නිවෙස් වලින් පිටතට ගැනීමට පවා  නොහැකි තත්වයක් මතුව  ඇතැයි  එම ආරංචි මාර්ගවලින් පැවසේ.

තවද නිසි කලට නඩත්තු සහ සේවා පහසුකම් ලබාදීමට නොහැකි වීමෙන්ද  වාහන දහස්  සංඛ්‍යාත ප්‍රමාණයක් අක්‍රියවී පවතින බව වාර්තාවේ.

රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත්  දුම් සහතික ගාස්තු රක්ෂණ ගාස්තු සහ ආදායම් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී  යම් සහනයක් ලබාදීමට වහා මැදිහත් විය යුතු බවත් වාහන හිමිකරුවෝ පිරිසක් අප සමග පැවසූහ.

වාහන ඇති සාමාන්‍ය මැද පන්තියේ ජනතාවගෙන් වැඩි දෙනෙකු සිය වාහනවලට ආදායම් බලපත්‍ර සාදා ගත්තේ සහ සේවා පහසුකම් ලබා දුන්නේ තමන් රාජකාරී කරන ආයතන වලින් ලැබුණු  ප්‍රසාද දීමනා සහ වෙනත් දීමනාවලින් බවත් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන්  බොහෝ ආයතනවල එම දීමනා කප්පාදු කර ඇති තත්ත්වය යටතේ  වාහන නඩත්තුව සඳහා එසේ අමතර මුදලක් වෙන් කිරීමට නොහැකි වීමෙන් මෙම ගැටලුව මතුව ඇති බවත්  ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම පවතින ආර්ථික තත්වය හමුවේ නඩත්තු කිරීමේ හැකියාව  අහිමිවීමෙන් වාහන ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාල සීමාවේදී වෙනත් පුද්ගලයන්ට විකුණා ඇතැයිද  මූල්‍ය  සහ  කල්බදු සේවා  ආයතන අනාවරණය  කළේය.

මේ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ  මධ්‍යම පන්තියේ ජනතාවට වාහන පාවිච්චි කිරීමේ හැකියාව අවම වෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ ප්‍රකාශ කරති.



 

 



අදහස් (4)

පොඩි පන්තියේ වාහන ලක්ෂ දහයක් කොටඋඩ

ගුණරත්න Sunday, 24 August 2025 11:10 AM

ආණ්ඩුව ලීසිං පොලී මුදලාලිලාත් සෙල් මාෆියාව බේරාගන්න ඕනෑකම නිසාත් වාහන මිල අඩු වෙන්න දුන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට ඒ වියදම් දරාගන්න බැහැ. ඉතා ධනවත් සුළු පිරිසක් හැරෙන්න කිසි කෙනෙකුට අලුත් වාහනයක් ගන්න බැහැ. ඉතින් පුදුමයක්ද පරණ වාහන දිරාපත් වෙන එක. දැන්වීම් වෙබ් සයිට් වල බලන්න 1970 80 වාහන විකුණන්න දාල තියෙනවා, කන්ඩෙම් කරන්න ඕන දිරාපත් වුනු වාහන රිපෙයාර් කරලා විකුනනවා ලක්ෂ 10 20යි මිල. 2020 දී ඔය මුදලෙන් අලුත් වාහනයක් ගන්න පුළුවන්කම තිබුනා.

:       0       0

Tissa Senannayake Sunday, 24 August 2025 05:26 PM

එදා ඉඳන් තරුණයෝ මේ වගේ ආණ්ඩුවක් ලබා ගන්න ජීවිතය දුන්නා. දැන් තියෙන්නේ ඔවුන්ගේ ආණ්ඩුව.

:       2       2

dammika Sunday, 24 August 2025 07:27 PM

මොන බොරුද? පාරක යන්න තියන අමාරුව? පාරේ තියන අලුත් වාහන ප්‍රමාණය?

:       4       6

Rejith Monday, 25 August 2025 08:05 AM

බොරු.පාරේ තියෙන අලුත් වාහන තොගය. Modify කරපු පරන වාහන පාරේ පිරිලා. වාහනයක් කියන්නෙ ආයෝජනයක් වගේ දැන් මිනිස්සුන්ට . කොටස් වෙලදපොල ඒකක 20,000 පැනල. වහපු හුගක් කඩ හෝටල් ආයෙත් ඇරල. රට දියුණු වෙමින් යනව

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 130 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site