
(නන්දන ඩි.කෙහෙල්ගමුව)
අප එක්සත් ජනරජ පෙරමුණ වේදිකාව බිහි කළේ බයියන්ට, ටොයියන්ට,නොව වැඩ්ඩන්ට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පක රණවක මහතා පැවැසීය.
මහරගම තරුණ සේවා සභා රඟහලේ ශ්‍රවණාගාරයේදී එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් එළි දැක්වීමේ පසු සභාව ඇමතූ රණවක මහතා මේ බව කියා සිටියේය.
රටට නව බලයක් බිහිවන බව කීවාම නව බලයක් බිහිවන බව කීවාම චෞර ගෝචරවාදි කල්ලිවාදි පිරිස් අවලාද නගනවා. මඩ ප්‍රචාර ගෙන යනවා. මෙ අංශ තුනටම අයත් නැති පිරිසට වේදිකාවක් හැදීමයි අපේ අරමුණ
පක්ෂ 83ක් තිබියදී ඒ ඇතුළට තවත් පක්ෂයක් ඇයි කියල සමහරු අසාවි. අපට අමැසි හරිත රටක් එසේම රටට සංස්කෘතිත විවිධත්වයක් අවශ්‍යයි. අප කිසි විටෙක පාවාදීම් කර නැහැ. එදි ප්‍රභාකරන්නට රට පරාදවීමට ආසන්නව තිබියදී අප යුදබිම්වලට පවා ගිහින් අවශ්‍ය දෑ කළා. මාවිල්ආරු සටන ආරම්භ කොට රටට අභයදානය ලබා දුන්නේ අපියි. අප කළ මේ සේවා සමහරුන්ට දැන් මතක නැහැ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රාජකාරි වෙලාව තුලදී ටියුෂන් පන්ති පවත්වපු ඒ වගේම රාජකාරි වාහනයෙන් ටියුෂන් පන්ති වලට ගිය අය වගේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් වැඩ කරන අයත් එක්ක නම් මෙගමන යන්නේ මේකත් තවත් කුණුවුණු පක්ෂයක්ම වනවා නො අනුමානයි රජෝ
මොන පපක්ෂයක් පිහිටුවත් පරාජය ස්ථිරයි
මේ යක්කු පක්ෂ හද හදා බලේට පොරේ, පිස්සු නැත්තං හොදයි. ඉන්න පක්‍ෂයත් එක්ක එකතුවෙලා ජරාපක්ෂල එලෝල රට ගොඩ ගන්නෑ. තව අනාගන්නව
කුණු ලොරියක් වගේ..ඔක්කොම පක්ෂ වලින් එලියට වැටුනු වයසක උන්දැල ටික මේ පක්ෂෙට ගිහින් එල්ලිල ඉන්නව කියල නම් පේනවා..රටට කෙසේ වෙතත් තමන්ට කරගන්න නම් සෑහෙන්න මහන්සි වෙනව වගේ..
හොඳ ආරම්භයක් සහ හොඳම දේ සඳහා බලාපොරොත්තු වන්න. ඔබ මේ රටේ ජනතාව නියෝජනය කරන තාක් කල්, මේ රට බංකොලොත් කළ දේශපාලනඥයන්ට පිටුබලය දෙනවා වෙනුවට ජනතාව සදහටම පිටුපසින් සිටිනු ඇත.
රනිල්ට මුක්කුවක් වගේ තවත් .නම සහ පාට සමානයි ,හැබැයි රජෝ තනියෙන් නම් එල්ලුවත් අබසරණයි