(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගොඩගම කාර්මික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට යතුරුපැදියකින් යමින් සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු අද (08) දා උදෑසන ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල වනහාගොඩ පදිංචි කාරියවසම් අතුකෝරළගේ දොන් ඉසුරු මදුශාන් නමැති පාසැල් සිසුවෙකු බව පොලීසිය කියයි .
මෙම පාසල් සිසුවා තම වැෆිමහල් සහෝදරයාට අයත් යතුරුපැදියකින් හංවැල්ලේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ ගොඩගම පිහිටි කාර්මික විද්‍යාලයේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවක් සදහා යමින් සිටියදී අද (8) දා උදෑසන 7.30 පමණ කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ .
අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ .
අනතුරුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබුණි .
අනතුරෙන් යතුරු පැදියට බරපතළ හානි සිදුව තිබූ අතර ලොරි රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාඨමාලාවට යමින් සිටියදී සිසුවා ලොරි මාරයා බිලිගනී