(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නාය.
බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොකුගස්තොට විතාරණගේ චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමාට බාරදුන් බව රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත
චමින්ද විජේසිරි මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2024 ජනවාරි 09 වැනිදා සිට බලපැවැත්වෙන බවද මහ ලේකම්වරිය දන්වා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දක් තියෙන මනුස්සයෙක්
හිස් පුටුව පුරවන්න හදන්න එපා පුටුව ඔතනින් අයින් කරන්න..