
( සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ 5 හැවිරිදි දරුවෙක් ඊයේ (30) සවස මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ කළුතර ,රජවත්ත ගමගොඩ පාරේ පදිංචිව සිටි සෙනාල් සංදීප නම්වූ දරුවෙකි .
ඉකුත් 29 වැනිදා රාත්‍රී 8.50 ට පමණවූ මෙම සිද්ධියෙන් දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි දරුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා තිබූ අතර මිය ගොස් ඇත්තේ එහි ප්‍රතිකාර ලබමින් සිටියදීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර මාරක දෙහි පවුලේ වලියක කොටසක්ද….?
නිවන් සුව ලැබේවා පුතේ
අසරණ දරුවා, සාපලත් රටක ඉපදීමේ පව තමයි, වෙනත් රටක ආපහු ඉපදියන් පුතේ.
2024/2025 භීෂණය...?