(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත්දළ ජෝඩුවක අනුරුවක් තබා ගෙන යෑම රථ වාහන නීතියට අනුව වරදක් බව පෙන්වා දී ඊට දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී ඒ් වෙනුවනට ත්‍රී රෝද රථ රියදුරාගෙන් බලහත්කාරයෙන් පෙට්‍රල් බෝතලයක් ලබාගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක වරයාගේ සහ පොලිස් සැරයන්වරයා ගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වැඩ තහනමට ලක්කර ඇත්තේ කුරුණෑගල, ඉඟුරුවත්ත පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහ වෙලගෙදර පොලිසියේ රාජකාරි කරන පොලිස්සැරයන් වරයකුගේ ය.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිලධාරීන් ඒ තරම්ම පහත් තත්ත්වයකට වැටිලද? මොනවා හරි නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා ඇති...
ආගම ප්‍රදර්ශනය කරන මන්දබුද්ධිකයින් මේ පොලිස් කාරයෝ දෙන්නාට දෙවෙනි නැත...!
ඔය නිලධාරි දෙන්නගේ සේවය නැවැත්වීම කළාම දඩයක් වදින්නේ හයක් හතරක් නොදන්නා දරුවන්ට වෙන්න පුළුවන් නේද? එ නිසා ඔය එක් අයෙකුට පෙට්‍රල් ලීටර් දහයක් බැගින් දෙදෙනාගෙන් ලීටර් විස්සක් ත්‍රීවීලර් කරුට ලබාදෙන්න නියම කළානම් හොඳයි කියලා හිතෙනවා... නැත්නම් ඉතින් ඒ දෙන්නා වෙනත් විෂමාචාරයක් කරන්න ඉඩ තියෙනවා. දරුවො අනෙක් දරුවන්ගෙන් මානසික පීඩාවටත්, හිංසනයටත් පත්වෙනවා කියලා හිතන්නේ නැද්ද? වගකිවයුතු අයගේ අවධානයට යොමුවේවා....!!!