IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පෙට්‍රල් - ඩීසල් මිල බස්සයි

(යොහාන් භාසුර)

පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් පහළ දැමූ බව එම සංස්ථාව සඳහන් කළේය.

භූමිතෙල් මිල පෙර මිලේම තව දුරටත් පවතින බව එම සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 377 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 307 සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 352 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතී.

 



අදහස් (5)

පෙට්‍රල් - ඩීසල් මිල බස්සයි

Kazi Shajahan Sunday, 01 September 2024 09:04 AM

ගෝඨා දුන්නේ පෙට්‍රල් රුපියල් 156, තව අඩුකරන්න ඕනෑ. තාමත් ගොඩක් වැඩියි.

:       2       0

Dasa P Sunday, 01 September 2024 09:31 AM

ටැංකිය පුරවන් ගිහින් අනුරව දිනවමු.

:       2       4

පැරකුම් Sunday, 01 September 2024 09:37 AM

මිළ අඩුකිරීමට හේතුවක් දී නැත. එසේ නම් ඡන්ද ගුණ්ඩුවක් බව සිතා ගනිමු.

:       0       3

Kumasaru Sunday, 01 September 2024 11:27 AM

හරි ශෝක්... නමුත් ඡන්දෙ දෙන්නේ නැහැ හොඳේ...!

:       4       22

sam Sunday, 01 September 2024 12:26 PM

මෙන්න තවත් ඡන්ද ගුණඩුවක්. ජනතාවනි, මේවට අහුවෙන්න එපා... බැරිවෙලාවත් රටයි, ජාතියයි කරුමෙට මෙයාලා දිනුවොත් එදාම ඉඳලා දෙගුණයකින් වැඩිකරාවි. මේවා තමයි මේගොල්ලෝ අවුරුදු 75ක්ම කළේ... ඉතින් මේවට තවත් අහුවෙන්න එපා...

:       3       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site