(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබිණි.
ඒ අනුව පත්කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැමිණවීම සඳහා පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍ප්‍රමිතියකින් යුතුව එය කළ යුතුයි. රට තුලත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි විය යුතුයි. නැත්නම් ඔය ඉන්න දොස්තර මහත්තුරු ටික හැම දෙයක්ම තමන්ගේ අතේ තියාගෙන රජ කරනවා.
මේකට අන්තරෙ සහ ලංකාවෙ වෛද්‍ය ශිෂ්‍යයෝ උද්ඝෝෂණ නැද්ද?
අන්තරේට බම්බු ගහන්න කියල ලංකාවෙත් ප්‍රමිතියට අනූව පුද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් වත් දාන්න ඕනි ඉක්මනින්ම.
දැන් ද වැරදෙන්නේ
විදෙස් වෛද්‍ය උපාධිවල ප්‍රමිතිය හොඳ නම් දැන් තියන නීති ප්‍රමාණවත් .එහෙම ප්‍රමිතිය හොඳ නම් දැනට ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන්න පෙනී සිටීමට අවශ්‍ය at 16 විභහගය සමත් වෙන්න විය යුතුයි .නමුත් වර්තමානයේ විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් බොහෝ දෙනෙක් එම විභහගය අසමත් වෙනවා
හොද වැඩක් කරන්ටම අවශ්‍යයි
ඉංජිනේරු උපාධියට ද එම නිවැරදි කිරීම අවශ්‍ය වේ
සතුටුදායක පුවතක්.නමුත් ඉතින් අපේ සමාජයේ කොටසක් ඉන්නවානේ හැමදේකටම විරුද්ධ වෙන.විරුද්ධ වීම සම්බන්ධව චක්‍රවර්තී උපාධියක් උන්ටත් ඉස්සෙල්ලම හඳුන්වලා දෙන්න .එතකොට ඔය ඉරිසියා කාරයෝ ටික නිහඬ වෙයි
හොඳම වැඩක්...
අපි කරන්න ඕන තවවැඩක් තමයි ලංකාවේ වෛද්‍ය නිලධාරි ඩිග්‍රි එක අනිත් රටවල් පිළිගන්න ප්‍රමිතියට පත් කර ගන්න එක. ඒක නැතිනිසා අපේ දොස්තරලා යුරෝපයට වගේ ගියාම එහේ තියෙන විභාග කරන්න ඕනෑ. සමහර රටවල් එහෙම කරගෙන තියෙනවා. උදා- පාකිස්තාන් වෛද්‍යවරු, තව ඇෆ්රිකන් රටක් (නම මතක නෑ ) යුරෝප් වල අනුමත කරනවා. මම දන්නා තරමට ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලේ ප්‍රමාණ සමීක්ෂණ ( Quantity Surveying ) Degree එක මෙහෙම හඳුනාගැනීම් එකක් Royal Institute of Chartered Surveyor කියන ආයතනයෙන් අරන් තියෙනවා. ඒ නිසා ඒකට ලෝකේ කොහේ ගියත් පිළිගැනීමක් තියෙනවා.
මේ කුහක රටේ පිටරට ඇදීයන විශාල මුදල නවතා ගැනිමට සහාය වන්න...!!!