
(ෂේන් සෙනෙවිරත්න)
පිටිදූවේ සිරිධම්ම හිමියන් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව දැඩි ලෙස අවවාද කළ බව එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළේය.
පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ ඇතුළු සානු නායක කාරක සංඝ සභාව හමුවට ඊයේ (31) කැඳවා ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් සිදුකරගෙන යන අනර්ථ දේශනා වහාම නතර කරන ලෙස උන්වහන්සේට දැඩි ලෙස අවවාද කළ බව මහා ලේඛකාධිකාරී හිමියන් එහිදී අවධාරණය කළේය.
එහිදී පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ සානු නායක කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත් ඒ හේතුවෙන් සමස්ත බෞද්ධ ජනතාවට සිදු වූ චිත්ත පීඩාවන් වෙනුවෙන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ පාද නමස්කාර කොට සමාව ගන්නා බවත් මහා විහාර සම්ප්‍රදායන්ට පරිබාහිරව කිසිදු ධර්ම විග්‍රහයක් ඉදිරිපත් නොකරන බවට ද ප්‍රතිඥා දුන් බව මහා ලේඛාධිකාරි හිමියන් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ සද්ක්‍රියාවකි...
පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත් අන්තර්ජාලයේ විපරම් කලොත් කාට කාටත් බලාගත හැකිවෙවි චෙතනාව මොකක්ද කියලා.
බොහෝම හොඳ වැඩක් කරලා තියෙන්නේ, බුදුදහමට හානිකරන අයවලුන් ශාසනයෙන් ඉවත් කළ යුතුයි. තෙරුවන් සරණයි...!
සමාව ගත්තා දැන් ඔක්කොම හරි .අපිත් කැළණි විහාරේ ගිහින් වැන්දම ඔක්කොම හරි
කොයිතරම් අවවාද කලත් වැඩක් නැති චරිතයක්. නතාෂා සහ ජෙරම් අත්අඩංගුවට ගත්ත වගේ ඇයි මෙයාට ඒ දඬුවම දෙන්න බැරි?.
අවවාද දෙන්න මෙයා පොඩි එකෙක් නොවෙයි. සාසනය කෙලසන්න ආපු අන්‍යආගම් ඔත්තුකාරයෙක්.පස්ස උඩ දාලා මෙයාට වඳින ගොබ්බයොත් ඉන්නවා.
මේ උන්නාන්සේත් දාගන්න කචල් .අනේ මන්දා .දන්නා දේයි නොදන්නා දේයි ඔක්කොම කියවනවා .ඉරාජ් එක්ක සෙට් වෙලා.ඌ ෆෝම් කරනවා උන්නාන්සේ දෙසනවා
භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම විනයට පටහැනිව සිරිධම්ම හිමියන් බොහෝ අකටයුතු කම් කරන අතර සිල්වත් මහා සඟරුවනට නින්දා දෙමින්ද සිටී. බුදුන් වහන්සේ කල සිටි කෝකාලික භික්ෂු ව සිහි ගැන්වේ. කෙසේ වෙතත් මුන් වහන්සේගෙන් ධර්මය අහන පිංවතුන් පරිස්සම් විය යුතුය .
ඔය අභබ්බයා මීට පෙරත් සමාව ගත්තා නේද මල්වත්තට ගිහින්!!!
මේ තරම් කාලයක් බුද්ධාගම ඇදහූවට බුද්ධාගමෙත් පව් සමාක්රන්න පුළුවන් කියලා දැනගත්තේ අදයි .සමහර වෙලාවට ධනය බලය වැඩිපුර තියනවානම් පුළුවන් ඇති .සාදු සාදු
බෞද්ධ දර්ශනයට හා බුද්ධ චරිතයට අපහාස කරන අයට තරාතිරම නොබලා දඩුවම් කල යුතුයි. පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් විවිධ තැන්වල දී විවිධාකාර විදිහට බුදු දහමට කරපු අපහාස කිරීම්වලට කී වතාවක් සමාව ගත්තාද...? ඔය සමාව ගැනීම් වචනයට විතරයි. මින් පසු උන් වහන්සේ කරන ප්‍රකාශ සම්බන්ධව සොයා බැලීමට නියාමන කිරීමට වැඩපිළිවෙළක් උත්තරීතර සංඝ සභාව විසින් කල යුතුයි. නැත්නං මේක හරියන්නේ නෑ. බෞද්ධ වන අපිටත් තව දුරටත් මේ ධර්මය විකෘති කිරීම්, ධර්මයට කරන අපහාස කිරීම් දිහා බලා ඉන්න බෑ.
ඕකා ගල් කට්ටයා. දනගහල,බොරුකියලා හාමුදුරුවන්ට නොතේරෙන්න ටොක්කකුත් ඇනලා යන්ඩ ඇති.
බුද්ධ ශාසනය වෙළඳපලක් කර ගත්තු අය නිසා ශාසනයට වන හානිය බරපතලයි
කලකට පෙර කලයුතුව තිබූ දෙයක් පසුව හෝ කිරීම ගැන සතුටුයි.
ධර්මය වනසන හොර රහත් තක්කඩියන් දැන් හෝ ශාසනයෙන් පන්නා දමන්න.
මහනායක හිමිවරු මෙවැනි දේවල් දැක දැක මුනිවත රැකීම සාසනයට කරන ලොකුම හානියක්. සාසනය වෙනුවෙන් දිවි හිමියෙන් වැඩකරපු අතීතේ හිටපු ස්වාමින්වහන්සේලා හිටියනම් මේවා දැකලා මොනවා කියාවිද.
අවවාද විතරක් මදි. නටාෂාට විරුද්ධව කරපු විදියටම ඒ නීතියම භාවිතා කරමින් මොහු අත්අඩංගුවට ගත යුතුයි.
සුනීත සෝපාක එදා හිටිය අදත් ඉන්නව. සමාව දෙමු.
ගොවියන්ට හරියන්නෙ අමුඩේ මිසක් උතුම් බුද්ධ චීවරේ නෙවෙයි.
සම්බුද්ධ ශාසනයෙන් මියගිය,, තවදුරටත් සංඝ සමාජයට අයිති නැති, කෙනෙකුට සංඝයා සේ සලකා අවවාදානුශාසනා කිරීමක් අදාල නොවන බව මහනායකහිමිවරුන්ට නොතේරෙන්නේ ව්නය පිලිබඳ දැනීමේ අඩුබවක් නිසාද?
ඔව් ළොකු ළොක්කො අවිත් යනව, පාර්ලිමන්ට් එකෙ එවුන් ඇවිත් යනව උන්ට වචනයක් කියාගන්න බැරි මහනායකලා... ඔය පට්ටම් ගහගෙන හිටියට මිනිස්සුන්ට සෙතක් කොයින්ද?
එතකොට චේතාන්විත නැතුව ආවට ගියාට කටට එන දෙයක් කතා කරන එකේ වරදක් නෑ නේද .බන කියලා එහෙම දේවල් කිව්වත් ප්‍රශ්නයක් නෑ එහෙනම් .මල්වතු අස්ගිරි මීට වඩා හිතන්න ඕන නේද .මේ පලවෙනි වතාව නෙමෙයි
බුදුන් සමයේත් අපහාස, උපහාස, විකෘති කිරීම් පැවතුණා. තිලෝගුරු බුදු පියාණන්ගේ අවවාදය වුනේ විමසා බලා තීරණය කරන ලෙසයි. එය සදාතනික බුදු වදනක්. අපිත් ද්වේශය අවුළුවා නොගෙන බුදු පියාණන්ගේ අවවාදය පිලි පදිමු.
පිටිදූවේ කියන්නේ මානසික ලෙඩක් .මොලේ කොලොප්පන් කාරයෙක් .මුදලාලියෙක්
පිටිදූවත් ඇතුලුව මේ ශාසනේ පැවිද්දො වැඩි හරිය ශාසනේ කන උන් තමයි .