(ඩයනා උදයංගනී)
කොළඹ, පිටකොටුව ප‍්‍රදේශයේ මාර්ගයක අද (18) වැටී තිබූ රුපියල් 1,90,000ක් සහිත මුදල් පාර්සලයක් පදික වෙළඳාමේ නියුතු අයෙක් විසින් අහුලාගෙන කොටුව ප‍්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබේ.
පිටුකොටුවේ මාර්ගයක වැටී තිබූ මෙම මුදල් පාර්සලය හමුවී ඇත්තේ පදික වෙළඳාමේ නිරතව සිටින කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මි මුබාරක් නැමැත්තාට වන අතර ඔහු විසින් ඒ බව සිය හාම්පුතාට දැනුම්දීමට කටයුතු කර තිබේ.
ඉන්පසුව එම තැනැත්තා විසින් මේ තොරතුර පිටකොටුව ප‍්‍රජා පොලිස් ඒකකයට අනුබද්ධව පිහිටුවා ඇති පදික වෙළඳ සංගම් කමිටුවේ සභාපති මොහොමඩ් ඉමිටියාස් සහ එහි කලාප භාර මොහොමඩ් මිලාර් යන මහත්වරුන්ට දැනුම් දී ඇත.
ඉන්පසු මුදල් පාර්සලය අහුලා ගත් මොහොමඞ් අස්මි මුබාරක් මහතා පදික වෙළඳ සංගම් කමිටුවේ සභාපති මොහොමඩ් ඉමිටියාස් මහතා ද සමඟ පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණ එම මුදල් පාර්සලය එහි පොලිස් සැරයන් අනුර විජේරත්න (28300) මහතාට බාර දී ඇත.
මෙතෙක් එහි හිමිකරුවකු ඉදිරිපත් වී නොමැති අතර හිමිකරුවකු සිටී නම් පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණ අනන්‍යතාවය තහවුරු කර එම මුදල ලබාගත හැකි බව එම පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවසීය.
මේ පිළිබඳ තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් එම පොලිස් ස්ථානයේ 011 2421515 හෝ 011 2320389 යන දුරකථන අංකයන් අමතා ලබාගත හැකි බව ද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.
පිටකොටුව ප‍්‍රජා පොලිස් අංශයේ පොලිස් සැරයන් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.බී වීරසූරිය (13781) මහතා විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරේ.
නත්තල් සහ නව අවුරුදු උදාව නිමිත්තෙන් නිවෙස්වලට අවශ්‍ය භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ආදිය මිලදී ගැනීම සඳහා පිටකොටුවට පැමිණෙන පාරිභෝගිකයින් ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද මේ දිනවල පිටකොටුව ප‍්‍රජා පොලිස් ඒකකය විසින් ක‍්‍රියාත්මක කරන අතර මෙම මුදල් පාර්සලය අහුලා ගත් තැනැත්තා විසින් පොලීසියට බාරදීම එහි සුභවාදී ප‍්‍රතිඵලයක් බව ද එම නිලධාරියා කීවේය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති උතුම් මිනිසෙක්. ඔබ සියලු දෙනාට සදා ජය
වාසනාවන්තයා ඉදිරිපත් වේවිද බලමු!
අහුලාගත් කෙනා සත්ගුණවත් මනුස්සයෙක්. ඔහු ගැන සොයා බලා අපි ඔහුට හැකි උපකාරයක් කරමු.
අමනුස්සයන්ගෙන් පිරුන මේ රටේ මනුස්සකම් ගැන පුවතක් අහන්න දකින්න ලැබීම මහා ලොකු සතුටක්
අප ඉතාමත්ම අගයකල යුතු සත් ක්‍රියාවක්. මෙවන් " අවංක මහත්මයන් "තවමත් අප සමාජයේ ඉතිරිවී තිබීමත් සතුට දනවන කාරණයකි. ඔබට ගොඩක් පින් අන්සතු දෙයක් නැවත බාරදීම.
පොලිස්සියේ කට්ටියට හරි දුක ඇති
විශිෂ්ට මනුස්සයෙක්.
මගේ හිතවෙතෙක්ද වන ඔබ ඉතාම හොඳ මහතමයෙක් බව අදයි දැනගත්ත්තේ. සුබ පැතුම් ඔබට.!
මෑත කාලයේ අපිට ආඩම්බර විය හැකි ලාංකික දෙදෙනෙක්.
මොහුට ඇමතිකමක් දීලා පාර්ලිමේන්තුවට යවන්න
උතුම් මිනිසෙක්.
අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ අවංක කම සහ මිනිස්ගුන තියනවා, එකටත් එක්ක දේශපාලුවන්ගේ අවංක කම. පේනවනේ දැන්...
මහත්මා ගති ගුණ තිබෙන උතුම් මිනිසෙක්... ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක්...
ජාති ආගම් බේද වෙනසකින් තොරව උතුම් මනුෂ්‍ය ගති පිරි මේ සත්පුරුෂ මහත්මාව අගයමු. නිදුක් නොරොගී පිරි වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්.! තෙරුවන් සරණයි.!
අතිවිශිෂ්ඨ ක්‍රියාවක්...
ඔබ තුමාම අයිතිකරු හොයලා බාරදුන්නා නම් හරි. පොලිසියට දීපු එක තමයි අවුල්.