
(රේඛා තරංගනී ෆොන්සේකා)
පිටකොටුවේ දෙවන හරස්වීදියේ තට්ටු හතකින් සමන්විත සුවිසල් ගොඩනැගිල්ල ඇති වූ ගින්නකින් පිලිස්සුම් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
දැන තුවාල ලැබූ 17 දෙනකු පමණ රෝහලට රැගෙන ආ අතර ඉන් හත් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර තුවාල කරුවන් තවත් ඇත්දැයි සොයා මෙහෙයුම් කරන බව ද පොලිසිය පවසයි.
කොළඹ ගිනි නිවර රථ කීපයක් ගින්න නිවීමට යොදා ගත් බව ගිනි නිවන ඒකකය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටකොටුවේ තොග රෙදි කඩවලට මමත් ගිහින් තියෙනවා. ඒවා හරි, එය අනාරක්ෂිතයි. හදිසියක් වුණොත් ජීවිතාරක්ෂාවක් නැහැ. ඉඩක් නැහැ පැනලා යන්න... ඉතා පොඩි දොරවල් සහ සෝපාන තියෙන්නේ. පාරිභෝගික අධිකාරිය මේවා හොයලා ඒ වෙළෙඳ ආයතන ආරක්ෂිත වෙළෙඳ සැල් කරන්න ඕනෑ...!