(යොහාන් භාසුර)
පිටකොටුව ප්‍රදේශයේ දුරකථන හා උපාංග අලෙවි කරන වෙළදසැල් විශේෂ පරික්ෂාවකට ලක් කර වෙළෙඳසල් 20 කට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකථන හා උපාංග වලට වගකීම් සහතිකයක් නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, එස්.එල්.එස්. ප්‍රමිතියට අනුකූල නොවන උපාංග විකිණීම සහ අලෙවියට ප්‍රදර්ශනය කර තැබිම යන චෝදනා යටතේ දුරකථන වෙලෙදසැල් හිමියන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටකොටුවේ ජංගම දුරකථන අලවිසැල් 200කට වැඩිය ඇති, අනිත් හැම කඩයකම ඔය කියන පරාමිතින් ඇතුවද ව්‍යාපාර කරන්නේ. අපි දන්නා පරිදි කිසිම කඩයක මිල ප්‍රදර්ශණය කරන්නේ නැහැ. එස් එල් එස් සහතිකය කිසිම දුරකතනයක හො උපාංගයක නැහැ. දුරකථනයක් හැර උපාංගවලට වගකීමේ සහතික නැහැ. එතකොට කොහොමද මේ කඩ 20 විතරක් නඩු පැවරෙන්නේ...?
ඒ අයට පුළුවන් නම් ගිහින් රටේ නීති විරෝධී කුඩු විකුණන අයව අත්අඩංගුවට ගන්න. මක්නිසාද යත් සියලුම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් දූෂිත දේශපාලකයින් සහ පසුගාමී දේශපාලන ආධාරකරුවන් වන්නේ මන්දැයි ඔවුන්ට නොහැක.