(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මෙතෙක් දිනයක් නියම කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් මැතිවරණ කොමිසම මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා වහාම දිනයක් නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් තබන්නැයි ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයකු ගොනු කෙට ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙනන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බව දැනුම් දුන්නේය.

පෙත්සම කැඳවන් ලැබු අවසස්ථාවේ ඉදිරිපත් වු කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සැප්තැම්බර් මස 04 වැනිදා සළකා බැලීමට දින නියම කළේය” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්” තුරේරාජා” ශිරාන් ගුණරත්න සහ ඒ”එච්”එම්” නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්” එම්”ආර්” විජේසුන්දර මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතු`ථ පිරිසක්නමම් කොට ඇත” පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා දිනයක් නියම කර නැතැයි පැවසීයී.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් වහාම මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කරන බව ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා වැඩිදුරටතත් දැනුම් දුන්නේය.