IMG-LOGO

පුංචි ඡන්දයේ අපෙක්ෂකයා වන නිලධාරියට ගහලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වල්ලාපට්ටා කපන පිරිසක් ගැන සෙවීමට ආ වන නිලධාරීන් දෙදෙනකුට මාදම්පේ පනිරෙන්ඩාව රජයේ රක්ෂිතය ආසන්නයේ දී,  පළාත් පාලන මැතිවරණයට තරග කරන අපෙක්ෂකයකු සහ තවත් අයකු  පහරදීම නිසා එක් නිලධාරියකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

රාජකාරියට බාධා කළ බව කියන බිංගිරිය ප්‍රාදේශීය සභාවට තරග කරන  අයකු සහ ඔහුගේ සගයකු බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. 

පහරකෑමට ලක්වූ බව කියන එක් වන සංරක්ෂණ නිලධාරියෙකු මාදම්පේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව වන නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වන සංරක්ෂණ නිලධාරීන් දෙදෙනා පැමිණි යතුරු පැදියට ද සැකකරුවන් පහරදී අලාභානි සිදු කර ඇතැයි වන නිලධාරීහු පවසති.

පනිරෙන්ඩාව රජයේ රක්ෂිත වනාන්තරයේ ඇති වල්ලාපට්ට ගස් කැපීමේ නිරතව සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු අල්ලා ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් ගිය අවස්ථාවේ මාර්ගය ආසන්නයේ සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවතා තිබෙන අයුරු දැක එහි සිටින දෙදෙනා පරීක්ෂාකර බැලීමට ගොස් ඇතැයි කියති.

වන සංරක්ෂණ නිලධාරීන්ට පහරදී ඇත්තේ මේ අවස්ථාවේදී යැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය වැටලීමට ගිය වන සංරක්ෂණ නිලධාරීන් දෙදෙනාට සැකකරුවන් දෙදෙනා අසභ්‍ය වචනයෙන් දිගට හරහට බැන වැදී පහර දීම සිදු කර ඇතැයි වනනිලධාරී හු වැඩිදුරටත් පැවසූහ.

 



අදහස් (8)

පුංචි ඡන්දයේ අපෙක්ෂකයා වන නිලධාරියට ගහලා

Ruhunu Sunday, 05 February 2023 04:29 PM

එයා හොඳයි කරත්තෙක බඳින්න.

:       0       21

PODDA Sunday, 05 February 2023 05:54 PM

එයවගේ වැඩි හරියක් තමයි ප්‍රාෙද්ශීය සභාවල ඉන්නේ... කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරන්නේ මොවුන්ව පත්කරන්න තමයි.

:       3       26

පැරකුම්Sunday, 05 February 2023 06:17 PM

දැනටමත් ඔහොමනම් දිනුවොත් කොහොම හිටීද…! මේ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව ඉතා පැහැදිලියි.

:       0       26

senaSunday, 05 February 2023 06:24 PM

මම අහලා තියෙන හැටියට මේ වගේ වැඩ කරන්නේ කෙහෙල් මුව කාරයෝ දැන් ඡන්දෙ එපා කියලා අඬන්නෙත් එයාලාමයි.

:       3       20

ravin Sunday, 05 February 2023 06:53 PM

මාදම්පේ රෝහලේ කොර වාට්ටුවක් නැතිද?

:       1       6

අපේක්ෂකයා Sunday, 05 February 2023 09:09 PM

හානේ. වල්ලපට්ටා ටිකක්වත් කපලා ඡන්දයට පෝස්ටර් ටිකක් ගහගන්න ගියා... ඒකටත් කෙලියනේ...

:       0       6

Lalla Sunday, 05 February 2023 10:35 PM

වල්ලපට්ට වලට අදාල නීතිමය ක්‍රමවේදය ප්‍රසිද්ධ කරන්න.මොකද ගහක් දැක්කම කපලදාන එක අපි කරන්නේ.පලක් ගන්න බැරි ගස් මොනව කරන්නද. කලුවර ගහත් එසේමයි.වවන්නාට ප්‍රයෝජන ගන්න ඛෑ රටේ නීති අනුව. ඉතින් පැල කපල දානවා.

:       0       2

Sisira Monday, 06 February 2023 07:00 AM

ජනදේට.කලින් මෙහෙම.නමි බලය.ලැබුනොත් මුලු මිදමිපේම ඉවරයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 26 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 663 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site