
(අංජුල මහික වීරරත්න)
මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
පාලන පක්ෂයට ලබා නොදෙන සෑම ඡන්දයක්ම එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද එජාප සභාපතිවරයා කීය.
රටේ ආර්ථික අර්බුදයක් පැන නගින හැම අවස්ථාවකදීම එජාපය ඉදිරියට පැමිණ පාලන බලය ගෙන ආර්ථික අර්බුද කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන ගියේ එක්සත් ජාතික පක්ෂය විසින් බවද වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ දේවල් ශ්‍රී ලාංකික මහජනතාව අමතක නොකරනු ඇතැයි ද එජාප සභාපතිවරයා කීය.
ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ දී අලුත් අවුරුද්දෙන් පසු වැඩකටයුතු ආරම්භ කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
රටේම ජනතාව, අවශ්‍ය වූ වෙනස කරලා ඉවරයි. ජනතාව පුංචි ආණ්ඩු ටිකත් හොරු, තක්කඩි නොවන අයටම දේවි.
භාවිතා නොකර ඉවතලන ඡන්දය ඉල්ලන තරමටම බංකලොත් වෙලා. හොඳම වැඩේ තව දසවසරකටවත් මැතිවරණවලට ඉදිරිපත්නොවී ඉන්න එක. එතකොටවත් පච නොවී ඉන්න පුළුවන් වේවි...!
භාවිතා නොකර ඉවතලන ඡන්දය ඉල්ලන තරමටම බංකලොත් වෙලා. හොඳම වැඩේ තව දසවසරකටවත් මැතිවරණවලට ඉදිරිපත්නොවී ඉන්න එක. එතකොටවත් පච නොවී ඉන්න පුළුවන් වේවි...!
අනේ යන්න. ගොන් කතා නොකියා...
අනේ මන්දා මිස්ටර් ෂෝට් පර්සන්... ඔයා කියනවා නම් ඉතින් ඕගොල්ලන්ට නොදී ඉන්නම්...
එහෙමද ආස...? පිස්සුද අවුරුදු ඉවරයි. අපි යනවා ඡන්දය දාන්න. නොගිහින් කොහොමද?
තමුන්ගේ පක්ෂයේ අයට නම් කීයටවත් ඡන්දේ දෙන එකක් නැතිවෙයි.
ඔහෙට නම් මොනම ඡන්දෙකටවත් මොලයක් තියෙන මනුස්සයෙක් ඡන්දෙ දෙන්නේ නෑ.
මේ හදන්නේ ඡන්දේ නොදාපු සේරම මෙයාලාට දෙන ඡන්ද කියලා මතයක් හදන්න. මම නම් කියන්නේ මෙතැන් සිට ඉදිරියට අලියා පෙට්ටියක දමා අඩි හයක් යටට යන බව...!
අපි නම් අලුත්ජේ ජෙප්පේ, ඡන්දය දාන්න යනවාමයි
රටට වඩා දැන් ඒ.ජා. පක්ෂය බංකොළොත් වෙලා ඡන්දය දිය යුත්තේ කුමන පක්ෂයටද යන්න පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් ඇත.
ඉතුරු වෙන ඒවා බල්ලාට. නොදාන ඡන්ද එජාපෙට....
නම්බුව කන්න එපා කොල්ලෝ. ගල්පොකුණ වත්තට ගිහින් රනිල් එක්ක වැල්පෙනෙල කන්න.
මේ වගේ කාලකන්නි අපතයන් දේශපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන් විදියේ පරිසරයක් ඇති කරපු වුන්ට හොඳක් වෙන්නේ නෑ