
(රංජන් කටුගම්පල සහ රෝෂන් තුෂාර)
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය.
ඉකුත් වසරේ මාර්තු 9 වැනි දින පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක්
රංබොඩ Thursday, 22 August 2024 01:06 PM
ඒක ඇත්ත. පළාත් සභාවට පත්වුණාම එයාලට කන්න පුලුවන්. කෑම කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් නේ. රටට නම් ඉතින් හෙන ගැහිලා ගියත් මොකද.
ධර්මසේන Thursday, 22 August 2024 01:14 PM
යුක්තිය ඉටුවීම ප්‍රමාදයද අයුක්තියකි
J R Randeniya Thursday, 22 August 2024 01:28 PM
දිගින් දිගටම අධිකරණ තීන්දු නොසළකන, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන සිලින්ඩරයාට ඡන්දය දීමෙන් වළකිමු.
ජගත් ලියනගේ Thursday, 22 August 2024 01:53 PM
එක්කෙනෙක් කිව්වා වගේ මතකයි "පළාත් පාලන පාලන මැතිවරණයක් තියන්නේ පළාත් පාලනයක් නැහැ" කියලා . එයා ජනාධිපති වෙන්නටත් දඟලන එක්කෙනෙක් .
පිටරැටියා Thursday, 22 August 2024 02:04 PM
ගරු අධිකරණය දුන් තීන්දුවට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරනවා .පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරලා,ඡන්ද පත්‍රිකා පවා මුද්‍රණය වෙමින් තිබුණේ. රජයේ මුද්‍රනාලයට,මැතිවරණ කොමිෂමට නොයෙකුත් බලපෑම් කරමින් එය නතර කිරීමට රජය කටයුතු කරපු බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
P.d goonawardene Thursday, 22 August 2024 02:09 PM
අයිඑම්එෆ් එකෙන් ලෝන් ගහනවා....ඡන්ද වලට කාබාසිනියා කරල දානවා....ආයිත් රට වලපල්ලේ...
ජනරළ Thursday, 22 August 2024 04:00 PM
රටේ ජනතාවගේ ඡන්ද අයිතිය වැනි අංක එකට වගේ තියෙන මූලික අයිතිවාසිකමකට එරෙහිව කටයුතු කල අයෙකුට වසර 10 ක පමණ බරපතල වැඩ සහිතව සිර දඬුවම් ප්‍රජා අයිතිය අහෝසිවීම වැනි දඬුවම් නියම වෙනවා. ඒ වගේ වරදක් කරපු කෙනෙක් කොහේ හරි ඉන්නවා නම් ඡන්දෙ ඉවර වුණු ගමන්ම ඒ කටයුතුත් ඉක්මණින් වගේ කෙරෙනවා නම් රටට ලොකු යහපතක් වෙනවා. අප්‍රමාදව ඒ කටයුතු කිරීම රටට ආදරය කරන කාගේත් යුතුකම් වගේම වගකීම. නැද්ද මන් අහන්නේ?
Keshika Thursday, 22 August 2024 07:38 PM
පළාත් සභා හොර තක්කඩි සෙට් එකක්ද කොහේද? මේකෙ කොමෙන්ට් කරලා තියෙන්නේ... රටට කෝටි සිය ගානකට වඩා ඉතුරුයි මේ නල්ලමලේ පළාත්සභා සෙට් එක ගෙදර හිටපු නිසා. ආන්ඩුකාරවරු ලස්සනට උන් නැතුව වැඩ ටික කරගෙන ගියා. ලංකාව වගේ පොඩි රටකට කොහොමත් ඔය විකාරේ ගැලපෙන්නේ නෑ. ඉන්දියාව සතුටු කරන්නනේ ඔය ඔක්කොම ඉතින්....
වාසලThursday, 22 August 2024 08:15 PM
මෝඩයෝ මේ පළාත් සබා ගැන නෙමෙයි කියන්නේ ..ප්‍රාදේශීය සබා ඡන්දෙ ගැන..