
(රන්න චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.
අත් අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේම පදිංචි අයෙකි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හම්බන්තොට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව හම්බන්තොට ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නං ලොවෙත් විස්වාස කරන්න බැහැ. ඔය පක්ෂෙ අය කැමති පිරිමි පාර්ශවයේ උදවියට විතරයිනේ... මේක ඇත්ත නං ලෝක විනාසය අත ළඟ..
සමගිය පතුරන්න බලය පෙන්නන්න ගිහිල්ල තියෙන්නෙ. අත්අඩංගුවට ගත්තට කමක් නෑ, ලාච්චුවේ දාන්න එපා.
පුංචි ආණ්ඩු අපේක්ෂක කතකට කියනවාට වඩා පුංචි ආණ්ඩු අපේක්ෂකාවකට කිව්වොත්...?
ඔය පළාතේ ගැහුණු බොරු කියන්නේ... සොයා බලන්න. ඕක බොරු රඟපෑමක් වෙන්න පුළුවන්.
සමාජයෙන් කාන්තාවගේ මනාපේ ඉල්ලන්න බැරි වෙන්න ඇති