
(නිමල කොඩිතුවක්කු)
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන සියයක බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කරන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
ආණ්ඩුවට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පොදු විපක්ෂය එකට කටයුතු කරන බවද අත්තනායක මහතා සඳහන් කළේය.
පොදු විපක්ෂයේ නියෝජිතයින් කොළඹ අන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
“පළාත් පාලන මැතිවරණය ලබාදුන් ප්‍රතිඵල අනුව විපක්ෂයට ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එම ජන මතය ක්‍රියාත්මක කිරීම විපක්ෂයේ සියලු පක්ෂවල වගකීමයි. ජනතා තීරණය ඉටු කිරීමට පළාත් පාලන කොට්ඨාස මට්ටමින් එකට එකතු වී කටයුතු කිරීමට අපි තීරණයක් ගෙන තිබෙනවා. මෙම තීරණය සමග සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම රැසක් එක්ව සිටිනවා. එතනදි අපි සියලු දෙනා ඒකාබද්ධව පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ විපක්ෂය විදිහට බලය පිහිටුවනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී විවෘත ඡන්ද විමසීමක් අවශ්‍ය යි කියලා අපි පක්ෂ සියල්ලක්ම සභිකයන්ට දැනුම් දීල තියෙනවා.
ඒ අනුව සභාපති නගරාධිපති ඇතුළු නිලධාරීන් පත්කිරීමේදී විවෘත ඡන්දයකින් පත්කර ගත යුතුයි. එම තනතුරු පත්කර ගැනීමේදී දේශපාලන පක්ෂ ගත් තීන්දු අනුව නියෝජිතයන් කටයුතු කළ යුතුයි කියලා අපි පොදු උපදෙසක් ලබා දීලා තියෙනවා. ඒ උපදේශ පිළි නොපදින සභිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ඇතුළුව විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතන සියයකට අධික ප්‍රමාණයක බලය පිහිටුවීමට පොදු විපක්ෂ ලෙස අප කටයුතු කරනවා. මෙතන කිසිදු ගිවිසුමක් හෝ කොන්දේසියක් නැහැ. ජනතා මතය අනුව අවබෝධයෙන් අපි කටයුතු කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දේසි විරහිතව රට කාපු හොරු, තක්කඩි, ජනතා සේවයට නවතවතාවක් එකට එකතුවෙන තවත් එක් ස්වර්ණමය අවස්ථාවක්.
විලිලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියනවානේ
ආයෙත් රටට සුද්දයක් දෙන්නද යන්නේ ?
දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරයා විසින් රහස් ඡන්දයක් පවත්වනු ලැබේ.
රජය බිය ගැන්වීමට කරන මෙවැනි ප්‍රචාර වලට වඩා, විපක්ෂය තුළ AKD මහතා මාලිමා රජයට අභියෝගයක් වශයෙන් එකමුතුවක් තිබෙන බව නම් පෙනෙනවා . නමුත් බලය ලබා ගත් පසු එම පුංචි ආණ්ඩු ආඬි හත්දෙනාගේ කන්ද හැලිය වගේ වෙයිද දන්නේ කවුද ?
ජනතාවෙනි තේරුම් ගන්න, මුන්ගෙ අරමුණ , පරණ චෝදනා සේරම අමතකයි, මුන් පරණ පුරුදු සෙල්ලම් කරන්න තමයි මේ බලය ඉල්ලන්නෙ. හැකි නම් සජිත්ට ඔය කතාව ප්‍රසිද්ධියේ කියන්න කියන්න.
මාලිමාවට වඩා රටට යහපතක්, මොකද දැන් කඳවුරු දෙක පැහැදිලියි. සොරුන් එක මිටට. ඉදිරියෙදිත් එකටම ඉල්ලන්න.
මෙයාල සීයක් නෙවෙයි පන්සීයක් ගත්තත් වැඩක් නෑ, කරන්නෙ කලිං කරපු විදියටම නං. පුලුවනිනං මාලිමාව කරන විදිය ආදර්ශෙට අරගෙන කරලත් පෙන්නන්න.
2021 දී රට බංකොලොත් කරපු පොහොට්ටුවොන් ව එලවන්න මිනිසුත් එක්ක පාරට බැස්ස "සජබේ" දැන් ලජ්ජා නැතිව ඒ පොහොට්ටුවෝ එක්කම එකතුවෙලා පුංචි ආණ්ඩු පිහිටනවා , වාසිය වෙනුවෙන් විතරක් හැමදම රටේ මිනිසුන්ව අන්දන මෙවැනි පක්ෂ ඊලග මැතිවරණ වලදී අතුගාලම දැමිය යුතුයි
ප්‍රජාතන්ත්‍ර රාමුව තුළ පුංචි ආණ්ඩු 100ක් බැරිනම් 200ක් වුනත් බලය ගත්තට කමක් නැහැ — මහජන මුදල් සොරකම් නොකර, මහජනයාට යහපතක් වන ආකාරයට වැඩක් කරපල්ලා . රටට හෙන ගහලා තියෙන්නේ ඔය පංගු පේරු ක්‍රමය නිසායි
යූඇන්පීයේ ඉඳලා පැනලා ගිහින් ,සාටකයාගේ කරේ එල්ලිලා සෞඛ්‍ය ඇමතියා උනු තමුන්ගේ කෙරුවාවල් අපි හොඳාකාරවම දන්නවා.මාළිමා ආණ්ඩුවක් ආවාම වෙන දේවල් ගැන බොරු අනාවැකි කියපු තමුන් කිසිම ලැජ්ජාවක් නැති දූෂිත දේසපාලුවෙක් . .ස.ජ.බ.ට එකතු වෙලා හොර දූෂිතයෝ ළන්කරගෙන පළාත් පාළන ආයතන වල බලය අල්ලන්ඩ හදන උන්ට.කිසිම සදාචාරයක් නැතිකම ලෝකෙටම පෙන්වනවා
අන්න සජබය දින්න ප්‍රදේශවලත් සභාපති මාලිගාවේ, දන්න විදියට සජබය දින්නා එක සභාවක විපක්ෂය එකතු වෙලා හොරකම් වලට සම්බන්ධ පොහොට්ටුවේ කෙනෙක් සභාපති කරලා.
ආයතන සීයක් නේමේ දෙසියක් ගත්තත් වැඩක් නැහැ. හොර දූශිතයින් පමණයි... ඔය නඩේගුරාලාට කතිරේ ගැහව්වේ. අනිත් ඉතිරි සැවෝම මාලිමාවට. මී හරක් තවමත් දන්නේ නැහැ. මොනදේ කරන්නත්..., ජනතාවගේ හදවත දිනා ගන්න ඕනෑ කියලා. මොවුන් ජනතාවගේ හදවත කාලා තියෙන්නේ. දැන් ඔය කට්ටිය දිනාගත් හැමදේම ටික කලකින් දාලා යනවා. කප්පම් නැහැ, වාහන නැහැ. සැප කොහෙත්ම නැහැ. ඒවාට කැමැති නැහැනේ. ගෝලයෝ සේරම යනවා.... පිනාලාට තනියම ලිපියක්වත්... කියවලා පුරුදු නැහැනේ... අත්සන විතරනේ ගැහැව්වේ. දැන් තමයි ඉල්ලන් කන්නේ...