
(ෂේන් සෙනෙවිරත්න)
මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
එම මැතිවරණය සම්බන්ධයෙන් දී ඇති උසාවි නියෝගය අනුව එම නාමයෝජනා පත්‍ර අනුවම කිසිදු වෙනස් කිරීමකින් තොරව නැවත පැවැත්විය යුතුව තිබෙන බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා එම කාලය තුළ පක්ෂ මාරු කළ පුද්ගලයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද පැවසීය.
ඒ අනුව ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන් හෝ එවකට ඔවුන් සිටි පක්ෂය මාරු කොට එම පක්ෂය තුළින්ම ඡන්දයට ඉදිරිපත්ව ජය ලැබුව ද ඔවුන්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවහ්‍ය පියවර ගැනීමට පක්ෂ ලේකම්වරුන්ට බලය ඇති බවද පැවසීය.
මෙවර මැතිවරණයේ දී පිළිගත් දේශපාලන පක්ෂවලින් 496ක් මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. ස්වාධීන අකණ්ඩායම් 281ක් මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා . කොට්ඨාස 22 න් අපේක්ෂකයන් 8352ක් ඉදිරිපත් වෙනවා. ඊට අමතරව ජාතික ලැයිස්තුවේ 460 ක් සිටිනවා . මෙවර ස්වාධීන කණ්ඩායම් ද ජාතික ලැයිස්තුවට නම් දීම විශේෂත්වයක් බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කොන්ද කෙළින් තියන නීතිය..!
අන්න වැඩේ. දැන් බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. මාලිමාවේ අය ඇරෙන්න අනික් ඔක්කොම එක එක පැත්තට පැනලා...
කොකාට වාරයක් ආවා නම් තිත්තයටත් වාරයක් එනවලු නේද නාමල් මල්ලී.