(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (2) පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල සම්බන්ධයෙන්ද මේ රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා අඟහරුවාදා සිට 10 වෙනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලනවිට ඔතන ඉන්න අය කිසි වැදගැම්මකට නැති බව තේරුම් ගොස් ඇත. කට්ටියම පඩි රහිත නිවාඩු යවන්න පුලුවන්නම් හොඳයි.
රටේ මිනුස්සු පොලීම්වල. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මේ දවස්වල මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කල දරුවන් ඇතුලත් කරන බව එම රෝහලේ වෛද්‍යවරයා ඊයේ සඳහන් කළා. මේ අස්සේ මන්ත්‍රීලාගේ ආහාර වේල සම්බන්ද කතා කරන්න පක්ෂ නායක රැස්වීමක් අවශ්‍යද? හිටපු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට එන්නෙත් යන්නෙත් චෝපර්වලින්. මේවා සාධාරණද? තවදුරටත් ඔවුන්ව විශ්වාස කල හැකිද?