
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර දේශපාලන සන්ධානයක් සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ.
අදාළ පක්ෂ දෙකේ නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් ද පැවැත්විණි.
නිදහස් ජනතා සංධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර,කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහත්වරු ඇතුළු පිරිසක් මෙහිදී නිදහස් ජනතා සංධානය වෙනුවෙන් සාකඡාවට එක්වුහ.
පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල, ජාතික සංවිධායක ධම්මික රත්මලේ, වැඩබලන ප්‍රධාන ලේකම් නාලක පෙරේරා, පාරිසරික ලේකම් ප්‍රසන්න අමරතුංග, පරිපාලන ලේකම් තිලිණ පීරිස්, නීති ලේකම් භූපති කහතුඩුව, සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත්, ප්‍රචාරක ලේකම් අංජන උදාර යන මහත්වරු සහභාගී වූහ.
ආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව ඉදිරියටම ගෙනයන බව පක්ෂ දෙකේ නායකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුල් සංධාන හදන්නලු... දැනටම කීයක් තියනවාද? අවසාන ප්‍රතිඵලය ත්‍රී වීල් පක්‍ෂ සංධාන ගොඩනැගීම...!
මැක්කා යන්නේම බල්ලාගේ ඇඟේ එල්ලෙන්නයි...
රට විනාශ කරපු රැල නැවත සාකච්ඡා කෙරුවාට මහජනතාව මොවුන්ට නැවත රැවටෙනවා නම් රටට අබසරණයි...!
බය හිතෙනවානේ..!
ඔය ඔක්කොම ප්‍රතිඵලයක් නැති බණ්ඩක්කා සෙවලයෝ...!
ඔය සෙට් එකම නන්නත්තාර වෙලා ඉන්නේ... ඔතැන කවුරුවත් නැවත පාර්ලිමේන්තුවට එන්නේ නෑ.
දැනට මෙහෙම සාකච්ඡා පවත්වලා අන්තිමට පොහොට්ටුවේ එල්ලෙනවා ශුවර් එකටම...!
අම්මෝ ඉන්න ලේකම්ල ගොඩ
මේ හැමෝම ඔය සංධානේ එදා ඉදලා හිටිය අය නේද? තවත් මොන දීගද? මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලා.....