IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘පක්ෂ ගණනාවකින් ආරාධනා ලැබුණා‘‘

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින බවත් ඉදිරි අවුරුදු පහ ශක්තිමත්ව රට ගෙනයා හැකි කණ්ඩායමක් සමග සමග ගමනක් යාමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම සාමාජිකත්වය අත්හිටුවා තිබුණත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු බැවින් එම පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට මේ මොහොතේ සහයෝගය ලබාදෙන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.

ආර්ථික මරණමස්ථාන විකුණමින්, ජනතාවට බදු පිට බදු ගසමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙනයන පාලනයට සහයෝගය ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ජයසේකර මහතා එහිදී පැවසීය.

රට බංකළොත්ව ඇති අවස්ථාවක දේශපාලනයේ හිටපු නැති චරිත පරීක්ෂා කිරීමට ඉදිරි ජනාධිපතිවරණය යොදා නොගන්නයි ජනතාවගේ ඉල්ලීමක් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

 



අදහස් (9)

‘‘පක්ෂ ගණනාවකින් ආරාධනා ලැබුණා‘‘

Bamunuarachchi Wednesday, 27 December 2023 11:41 PM

TNA, මුස්ලිම් කොංග්‍රස්, ජේවීපී වලින්ද ආරාධනා කළේ?

:       0       0

siri Thursday, 28 December 2023 02:15 AM

පසුගිය වසරේ මහජනතාව අරගලයක් කිරීමට සිදුවූයේ දයාසිරි ඇතුළු පිරිසගේ දේශපාලන ක්‍රියාකරකම් නිසාවෙනි. පුරවැසියන් කියාසිටියේ දේශපාලන වෙනසක් රටට අවශ්‍ය බවකි. දයාසිරිලා ඇතුළු පිරිස බංකළොත් කළ රට නැවත ගොඩනැගීමට දයාසිරිලාටම රට බාරදීමට ලංකාවේ පුරවැසියන් සූදානම් නැත...

:       0       0

Nadadawa withanage sisira kumara Thursday, 28 December 2023 05:58 AM

වාසි තියන පැත්තට පනීවි...!

:       0       0

abaran Thursday, 28 December 2023 07:57 AM

මේත් තව සජිත් කෙනෙක් විතරයි. දැන් වැල්බයිල කියවනවා. පාර්ලිමේන්තුවේ සම්මත කරපු හැම මගුලකටම අත උස්සලා දැන් බහුබූත කියවනවා. බදු නැතිව කොහොමද අයිසේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සුව සේවය වගේ දේවල් පවත්වාගෙන යන්නේ? මෙයාවත් ඊළඟ පාර්ලිමේන්තුවෙන් එළියේ තියන්න ඕනෑ කෙනෙක්....!

:       0       0

Nimal Thursday, 28 December 2023 08:06 AM

දවල් හීන...!

:       0       0

Kazi Shajahan Thursday, 28 December 2023 09:22 AM

කොහොමහරි අන්තිමට කැරකිලා සජිත් ගාවට අන්තිම මොහොතේ එනවා. කැට තියලා කියන්නේ..!

:       0       0

de silva Thursday, 28 December 2023 10:06 AM

මොන පක්ෂෙන් ඉල්ලුවත් ප්‍රතිපත්තියක් නොමැති ජරාජීර්ණ වුණු මෙවැනි පරණ දේශපාලකයින්ට මනාපේ ගැසීමෙන් වළකිමු...!

:       0       0

මරිසිපාල Thursday, 28 December 2023 12:24 PM

අපිට නම් කියන්න වෙන්නෙ බැරිවැඩ නොකරන් අබරෝ කියලා තමයි. ඒත් දේශපාලුවෝ මැතිවරණ ආසනයේ අතමිට සරුකර ගන්න මෙහෙම දේවල් කරනවා. එනිසා මෙහෙම උන්දැලා වෙනුවෙන් තමන්ගේ වටිනා ඡන්දය නාස්ති නොකරන්න කියලා බුද්ධිමත් ජනතාවගෙන් (මන්ද බුද්ධිකලා ඉල්ලන්න කියලා බලකරනවා ඇති) ඉල්ලන්න කැමැතියි...

:       0       1

විජේ Thursday, 28 December 2023 01:59 PM

වැඩිම ලංසුවට යනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site