IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පක්ෂ කාර්යාලයක භූගත බංකර් සදා කසිප්පු පෙරලා

(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )

ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකර් සකස්කර කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු අද (25) අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැව්රිදි පුද්ගලයකි .

රුපියල් 30,000  කට මාසික  කුලියට ලබාගෙන ත්‍රීරෝද යතුරුපැදි අළුත්වැඩියා කිරීම සහ පින්තාරු කිරිම ඇතුළු සේවාවන් සිදුකරන මුවාවෙන් ජාවාරම කරගෙන ගොස් ඇති බවත්  පොලිසිය කීය.

පොලිසියට සැකසිතී පරීක්ෂා කිරීමට පැමිණීමේදී ඉබි යතුරු දමා තිබූ දොරවල් කඩා පරීක්ෂා කිරීමේදී කාමරයක් තුල භුගත බංකරක්ද සකස්කොට නවීන ක්‍රමයට පවත්වාගෙන ගිය කාමරයේ තිබී ගෝඩා මිලිලීටර් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අඩංගු  බැරල් 10 ක්, ප්ලාස්ටික් කෑන් 05 ක්, දගර , ගෑස් ටැංකි ඇතුළු පෙරීමේ උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ .

 



අදහස් (8)

පක්ෂ කාර්යාලයක භූගත බංකර් සදා කසිප්පු පෙරලා

සමන් Wednesday, 25 October 2023 04:15 PM

එහෙනම් ඉතින් ජාතික බලවේගයක් තියෙන කෙනෙක් වෙන්න ඇති...

:       23       6

ravinWednesday, 25 October 2023 07:06 PM

අන්තර්ජාලයේ විපරම් කළොත් දැනගත හැකිවේවි... මොන පක්ෂයේද කියලා...

:       0       4

namal Wednesday, 25 October 2023 05:04 PM

අනිවාර්යයෙන් පොහොට්ටු නැත්තම් UNP... වෙනත් පක්ෂයක නම් නම්ගම් පිටින් දාලනේ...

:       3       42

අනුර ජයරත්න Wednesday, 25 October 2023 06:32 PM

ඒ මිනිස්සුන්ටත් ආර්ථික අමාරුකම් ඇතිනේ...!

:       1       4

pakeer Wednesday, 25 October 2023 07:47 PM

මධ්‍යස්ථ වෙන්න සමන්... නුඹලා වගේ අය නිසා තමයි මේ රටට මේ කල ගියේ... පක්ෂග්‍රාහී වෙන්න එපා... විවෘත මනසකින් ලෝකය දකින්න...

:       0       0

chandima Wednesday, 25 October 2023 10:01 PM

අනේ ඉතින් ව්‍යාපාරිකයෝ නිෂ්පාදකයෝ අත් අඩංගුවට අරන් කොහොමද රට සංවර්ධනය කරන්නේ ?බලපත්‍රයක් දීලා ප්‍රමිතිය කියා දීලා මිනිහට ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමින් සාර්ථකව කරගෙන යන්න උදව්වක් දුන්නා නම් ?

:       0       1

Bunny Preena Thursday, 26 October 2023 09:33 AM

ඔවු ඉතින් ජයවෙවා කියාගෙන කිසිම ආත්ම ගරුත්වයක් නැති පිටිපස්සෙන් එන මලපෙරෙතයින්ට බොන්ට දෙන්ටත් ඔන වෙනවනෙ.

:       0       0

Lakmal Thursday, 26 October 2023 11:33 AM

ඇයි රුවනෝ.. ජයන්ත සමරවීර ගේ කාර්යාලයේ කියන්න පෑන ලියවෙන්නේ නැද්ද

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site