IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පී.සී. ත්‍රිරෝද රියැදුරාන්ගෙන් අල්ලස් ගනින්දී මාට්ටු

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රීරෝද රථ රියදුරකුගෙන් පුද්ගලයකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගත් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකා මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු බව අධ්‍යක්ෂවරයා කීය.

රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථයක් පැද වූ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ඉල්ලා එම අවස්ථාවේදී එම පුද්ගලයා සතුව තිබූ රුපියල් රුපියල් 3000ක මුදලක් ලබාගෙන ඉතිරි මුදල් පසුව  දෙන ලෙස දන්වා ඔහුගේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය සැකකාර කොස්තාපල්වරයා ඇපයට තබා ගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පුද්ගලයා අද පෙරවරුවේ වාද්දුව පොලිසියට ගොස් සැකකාර කොස්තාපල්වරයා හමුවී ලබාදීමට නියමිත රුපියල් 7000ක මුදලින් 2000 ක් අඩුකරගෙන ඉතිරි මුදල රුපියල් 5000 පසුව ලබා දෙන බවට පොරොන්දු වී පැමිණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා එකී මුදල ත්‍රීරෝද රථ රියදුරු ගෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (2)

පී.සී. ත්‍රිරෝද රියැදුරාන්ගෙන් අල්ලස් ගනින්දී මාට්ටු

Perera Wednesday, 28 December 2022 08:40 PM

බිලියන ගණන් අල්ලස්, කොමිස් ගහන දේශපාලකයෝ අල්ලන්න ඔය අල්ලස් කොමිසමටවත්, පොලිසියටවත් කොන්දක් නැහැ. හැමදාම සිල්ලර ගණන් ගන්න හාල්මැස්සන්ව තමයි මොවුන්ට අල්ලන්න කොන්ද තියෙන්නේ...

:       1       6

Aruna Ramanayak Thursday, 29 December 2022 10:09 AM

මේ වගේ අල්ලස්වලට වඩා මහාපරිමාණ අල්ලස් ආණ්ඩුවේ ඇමැතිවරු ගන්නවා. ඒක මුළු රටම දන්නවනේ. අන්න ඒ වගේ ඇමැතිවරු ඔක්කෝටම කළින් අල්ලන්න. එතකොට තමයි ලංකාවේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site