(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා පී.සි.ආර් පරීක්ෂණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා අවදානම් තත්වය සැලකිල්ලට ගෙනය.
පී.සි.ආර් පරීක්ෂණ 23700,ක් ඊයේ( 28) දිනයේ දී පමණක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එය දිනකදි කළ වැඩිම පී.සි.ආර් පරීක්ෂණ සංඛ්‍යාව බව පැවසේ.
මේ රටේ මේ දක්වා කර ඇති පී.සි.ආර් පරීක්ෂණ සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජෛව සාම්පල හාරදහසක් පමණ කොවිඩ් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවලට පෙරේදා (28 )ලැබී තිබූ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළිනුත් චීන ලොක්කෝ ඇවිල්ලා ගියගමන් පීසීආර් වැඩිකරලා කොරෝනා බොරුව පිම්බුවා. අනේ පව් අහිංසක සෑම රෝගීන්ගේ පිටෙ කොරෝනා ලේබල් ගහනවා. නඩුුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ....