
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ගයාන් සූරිය ආරච්චි )
ජාතික ජන බලවේගයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොඩ් ෆයිසාල් මහතා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත පොලිස් වසමේ හාල්දඩුවන ප්‍රදේශයෙදි අද(14) මාරක අනතුරකට ලක්විමේන් මාර්ගයෙ ගමන් කරමින් සිටි යතුරු පැදි කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව කොස්වත්ත පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු සැසි වාරය සදහා පුත්තලම කනමුල්ල ප්‍රදේශයෙ සිට අද (14) උදෑසන කොළඹ බලා ගමන් කරමින් සිටියදි මන්ත්‍රිවරයා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත හාල්දඩුවන ප්‍රදේශයෙදි මෙම අනතුර සිදුව ඇති බව කියයි.
අනතුරින් මන්ත්‍රිවරයාට හා රියදුරුට කිසිදු හානියක් සිදුව නැති බවද කියයි.
මෙම මෝටර් රථය හොර වංගුව මාර්ගය හරහා තොප්පුව වෙත ගමන් කරමින් ඉන්පසු නැවත කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයට අවතිර්ණය විම සදහා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට මුන් කියන්නේ නින්ද ගියා කියලා පාරේ යන අහිංසක මිනිහෙක් මරලා දාලා එහෙනම් මුන්ගේ ලයිසන් අවලංගු කරන්න තියෙන්නේ... මේ මනුස්සයාගේ පවුලේ අයට මොනතරම් වේදනාවක්ද ?
බලමු මේකට නීතිය ක්‍රියාත්මක වන විදිහ... මේ ආණ්ඩුව ආවට පස්සේ මෙවගේ දෙයක් උනාද කොහෙද?
පව්! බයිසිකලේ දැක්කහම මොන තරම් අහිංසකයෙක්ද කියලා හිතෙනවා.
මෙතන වරද කාගෙ උනත් මේ ජාතියෙ බයිසිකල් යන්නෙ ලොකු බයිසිකලයක් ගානට
හැප්පිලා තියෙන්නේ දුප්පතාගේ බයිසිකලයක්. දැන් ඉතින් වන්දිය විදියට ලක්ෂයක් දෙකක් දීලා මන්ත්‍රී උතුමා බේරේවි... ඒත් දුප්පතාගේ පවුල අනාථයි.
බලන්න තිබ්බා වෙන කවුරුහරි හැප්පුවා නම් ජෙප්පන් තප්පුලන හැටි.
දූෂිත පවුල් පාලනේ අය බලයේ හිටපු කාලේ පාරේ ගිය අහින්සකයෝ කී දෙනෙක් හප්පාගෙන ගියාද? හොර පෙරකදෝරුවා සලමන් කාන්ව ගෙනැල්ලා පාරේ ගිය අහින්සකයෝ දෙන්නෙකුත් බරපතළ අනතුරකට පත් කෙරුවා. හිටපු ආර්තික ඔස්තාර් කෙනෙකුත් තමුන්ගේ පුතාව බේරගන්ඩ කරපු දේවල් දැන් ඔය එකෙකුටවත් මතක නැහැ...!