IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පා පැදියට වෙනම මංතීරු

(ඩයනා උදයංගනී)

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ නගරය ඇතුළු නගරවල පා පැදි භාවිතය ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ගවල පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරු ඇතිකිරීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කොළඹ බැංකු මාවතේ පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරුවක් විවෘත කිරීම අද සිදුවිය.

පා පැදි ආරක්‍ෂිතව රඳවා තැබීමේ ස්ථාන ද මෙහි වෙන් කර ඇති අතර කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ ද අද සිට පා පැදි මංතීරු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (9)

පා පැදියට වෙනම මංතීරු

mangala Friday, 29 July 2022 01:06 PM

මෙන්න මේ විවෘත කිරීම් තමයි ලෝක විහිලු. බයිසිකලයක් නවත්වන තැන විවෘත කරන්න නගරාධිපති ඇතුලු කී දෙනෙක් තමන්ගේ වටිනා කාලය කා දමනවාද මෙතන...? ඕක හදපු මිනිහා ටෙස්ට් කරලා බලලා වැඩ කරනවා නම් පාවිච්චියට ගන්න දෙන එකනේ කරන්න ඕන. නිකන් විවෘතෙට කාලෙ කන්නෙ නැතුව. අඩුම ගානෙ නගර සභාවේ උදේවරුව ඉවර ඇති මේකට... දැනට අවු 4 කට 5 කට කලින් ඇමැතියෙක් පාරේ සුදු ඉර විවෘත කලා මේ වගේ. අපරාධය තමයි, මේ දේශපාලුවන් විවෘතෙට එනකොට පොලිස්, ප්‍රාදේශීය, ගොවිජන, කෘෂිකර්ම, ග්‍රාමසේවක ආදි මෙකී නොකී හැත්ත බුරුත්ත රජයේ නිලධාරින් තමන්ගේ රාජකාරි ස්ථාන අතහැරලා මෙතැනට එනවා. රාජකාරියක් කරගන්න ඒ ඒ කාර්යාලවලට එන සාමාන්‍ය ජනතාව මහපාරේ රස්තියාදු වෙනවා. එහෙම රටකට කලක් යයිද? කී දෙනෙක් ගේ කාලයද මේ නාස්ති වෙන්නේ... විවෘතෙට එන්න රජයේ සේවයේ කී දෙනෙක් රජයේ තෙල් පුච්චනවද?

:       3       23

BTFriday, 29 July 2022 02:36 PM

සහතික ඇත්ත! මේ රටේ ලොකුම දුර්වලතාවය තමයි අනවශ්‍ය සෝබන වැඩ. පාලකයෝ විතරක් නොවේ..., මහජනතාවත් ඒ වගේ... බහුතරයක් බෞද්ධයින් කියාගන්නා රටක ජනතාව සරල දිවිපැවැත්මකට නැවත හුරුවීම කාලෝචිතයි...

:       0       4

BTFriday, 29 July 2022 04:56 PM

සහතික ඇත්ත...! මේ රටේ ලොකුම දුර්වලතාවය තමයි අනවශ්‍ය සෝබන වැඩ. පාලකයෝ විතරක් නොවේ... මහජනතාවත් ඒ වගේ. බහුතරයක් බෞද්ධයින් කියාගන්නා රටක ජනතාව සරල දිවි පැවැත්මකට නැවත හුරුවීම කාලෝචිතයි...

:       0       3

දෙවන පියවර Friday, 29 July 2022 02:26 PM

ලොව බොහෝ රටවල මේ මංතීරු තියෙනවා. ඒ වගේම කෙටි දුරකට යන්න පා පැදියක් කුලියට දෙන ආයතනත් තියෙනවා. මේ පළමු පියවර. දෙවනුවට එන්නේ තදාසන්න නගරවලට ඇතුළුවීමේදී දිනපතා ගාස්තුවක් වාහනවලට අයකරන්න යන දෙයයි..!

:       0       0

saman Friday, 29 July 2022 02:50 PM

විවෘත කිරීම් ලංකාවේ දේශපාලුවන්ට නැතුවම බැරිගායක්...!

:       1       7

lakvidu Friday, 29 July 2022 07:10 PM

තෙල් පෝලිම්වලට පාරෙන් හතරෙන් තුනක් වැහිලා.. දැන් බයිසිකල් ලේන් එකත් දැම්මම වාහනේ ගෙදර තියලා පයින්ම තමයි යන්න වෙන්නේ...

:       0       0

reks Friday, 29 July 2022 07:11 PM

මට දැනගන්න ඕනෑ පාර්ක් කරන තැන...

:       0       1

Nihal Friday, 29 July 2022 10:36 PM

ඕවා දශක ගාණකට කළින් කළයුතු දේවල්... විනාඩි තුනෙන් තුනට තරම් කෝච්චි, බස්, එන ඕලන්දයේ, ප්‍රංශයේ, ජර්මනියේ මිනිස්සු යන්නෙම බයිසිකලයේ... මෙහෙ අයට මාන්නේ.. ඇති දේකුත් නැහැ.

:       0       0

Bamunuarachchi Saturday, 30 July 2022 06:00 AM

බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ. තව අවුරුදු දස දහසක් ගෙවුනත් බයිසිකලේ සැරදේ සැරදේ. කතාව අත්තනේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site