
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නොරොච්චෝලය බලාගාරයේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්ර දෙකක් ක්රියා විරහිත වී ඇති බව සමග ජන බලවේගයේ මන්ත්රීන් නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.
එහි එක් කොටසක් අධිධාරිතාවෙන් ක්රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
මන්ත්රීවරයා මෙසේද පැවසීය.
නොරොච්චෝලය විදුලි බලාගාරයේ බල බරපතල තත්ත්වයක් තියෙනවා. ඒකෙ ගල් අඟුරු ඇඹරුම් යන්ත්ර දෙකක් නතර වෙලා තියෙනවා. ඒ නිසා ඒකේ ප්ලාන්ට් එකක් දුවන්නේ අඩු ධාරිතාවෙන් ඒ වගේම දුමාරය වැඩිපුර නිකුත් වෙනවා.
මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේ නොරොච්චෝලය විදුලි බලාගාරයේ එක් කොටසක වැඩ කටයුතු නතර කිරීමට සිදුව ඇති බවයි. බලාගාරයේ එක් පද්ධතියක චිමිනියෙන් දැඩි ලෙස කළුදුමක් නිකුත්වය වන බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් සතුටුයිද නේද? මෙන්න අපේ නායකයෝ.
මගේ කසිප්පු වඩි පෙරණ යන්ත්ර දෙකකුත් කොට උඩ ...
කවුද අප්පා ගල් අගුරු අඹරන්නෙ.. ගල් අගුරු බොයිලේරුවටෙ නේද දාන්නෙ..
මුට දැන් පිස්සු, හරියට ගල් අගුරු කෑල්ලෙ වැඩකරව එකෙක් වගේ, ඔය බොරුව අත අරින්නෙ, අනිත් එක නොරොච්චොලෙ බලාගාරයෙ මැෂින් කැඩුනෙ මේ සැරේ විතරද, ගිනි අවුලවන්න අමාරුයි තමුන්ල බොරු කාරයො කියල රටම දන්නව
ගල් අඟුරු අඹරා විදුලිය ලබා ගන්නා බව මම පළමු වරට අසා ඇත්තෙමි. SJB හි නවෝත්පාදනයක් විය හැකිය.
මුංට පිස්සු හොරා කන්න නැතුව මුං දන්න කෙන්ගෙඩියක් නෑ බලය ගන්න මුං තමයි බොරැ ගොතන්නෙ එකේක අල්ලා ගෙන.