
(රෝෂන් තුෂාර)
අධිකරණයෙන් නොතීසී ලද විටෙක කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ,හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන විත්තිකරුවන්ට නියෝග කළේය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට හා යෝෂිත රාජපක්ෂ සැකකරුවන් කරමින් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ප්රධාන මහේස්ත්රාත්වරයා එසේ නියෝග කළේය.
සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.
අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට ඇති බවය.
නොතීසි ලද විටෙක කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකරුවන්ට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd