IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නුවරඑළියට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථා තත්ත්වයට

(රංජිත් රාජපක්ෂ)             

 “දිට්වා” සුලි කුණාටුවත් සමඟ නුවරඑලියට පිවසීමට තිබු මාර්ග 4ක් නාය ගොස් සහ පස් කදු කඩා වැටීමෙන් ගමනා ගමන කටයුතු ඇන හිට තිබූ බවත්,  ඊයේ (10) දින වන විට නුවරඑලියට පිවිසීමට තිබෙන නුවරඑලිය මහනුවර මාර්ගය ඇතුලු මාර්ග 4ක් යථා තත්වයට පත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ  පස්වරුවේ මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ, මාර්ග 4 යථා තත්වයට පත් කලද එම මාර්ගවල රථවාහන ධාවනයට ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිර්දේශ වාර්ථාවක් ලබා දිමෙන් පසු බර වාහන ධාවනය සදහා එම මාර්ග විවෘත කරන බවයි..

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවුල් 19832කට අයත් සමාජිකයන් 63000කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී ඇති අතර, ඉන් ආරක්ෂිත කදවුරු 212ක පවුල් 6700ක් සිටින බැවින් ඒ අය සදහා අව්‍යශ පිසූ ආහාර සහ වියලි සලාක ලබා දීමට පියවර ගෙන ඇති බවත්, කාලගුණ තත්වය පහව යැමෙන් පසු ඇතැම් අවතැන් වුවන් ඔවුන්ගේ නිවාස වලට ගොස් ඇති නිසා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට රු.මිලියන 67ක ප්‍රතිපාදන ලබා දී ඇති බවත්, නිවාස සුද්ද පවිත්‍ර කර ගැනීම සදහා ලබා දෙන රු.25000ක මුදල අවතැන් වුවන් සදහා ගෙවිම ඉදිරි දින කිහිපය තුලදී සිදු කරන බව දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියාය.

 



අදහස් (0)

නුවරඑළියට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site