
(අංජුල මහික වීරරත්න)
ආපදා තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇති වී තිබෙන හානි පිළිබඳවත්, කාර්ය මණ්ඩලයට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳවත් සොයා බැලීමට මෙන්ම එම දුෂ්කරතාවලට කඩිනමින් විසඳුම් ලබාදීමෙි අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණක නිරත විය.
ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නව රෝහලේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයට සිදුව ඇති හානි සහ අවදානම් තත්ත්වය පිළිබඳවත්, අවදානමට ලක් වූ පැරණි රෝහලේ මාතෘ හා ළමා ඒකකය, පිළිකා සහ අනෙකුත් සායන ඒකක , ජල ගැලීම්, නායයෑම් සහ පස් කඩාවැටීම් හේතුවෙන් මහල් 04 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණ 02 ක් ඇතුළුව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද නිලනිවාස 08 ක් පත්ව ඇති අවදානම මෙන්ම සම්පූර්ණයෙන් විනාශයට ලක්ව ඇති නේවාසිකාගාර පිළිබඳවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අවදානය යොමු කළේය.
මෙම නිරීක්ෂණ අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ව්‍යූහාත්මක ඉංජිනේරුවරුද සහභාගී වූහ.
ආපදා තත්ත්වය හමුවෙි නේවාසිකව සිටි රෝහල් කාර්ය මණ්ඩල මුහුණදෙන නේවාසික ගැටළුවට ඉදිරියේ දී කඩිනම් විකල්ප විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කීය.



2025 දෙසැම්බර් මස 04
491
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
469
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නුවරඑළිය රෝහලේ හානි බලන්න ලේකම් යයි
User 7bV0n2 Wednesday, 10 December 2025 04:21 PM
දවසින් දවස අලුත් නායයෑම් මතු වෙනවා. මධ්‍යම පළාත මූලික කරගෙන කදු පන්ති නායයනවා... ගොවිතැනක් කරගෙන රටට බත, එළවලු ටික සපයපු ඒවගේ උන්නු අහිංසක මිනිස්සු, වගා කරගෙන ඉන්න පුළුවනි... රජයෙන් ගෙවල් හදා ගන්න සල්ලි දීලා ඉඩම් දුන්නා නම් කදු නැති තැනිතලා ප්‍රදේශ වලින්... වව්නියාව, කිලිනොච්චි, මන්නාරම, අම්පාර, තීකුණාමලය හොදයි අලුත් ගම්මාන හදලා ජනතාව පදිංචි කරවන්න. දිගු කාලීන විසදුමක් ඕනේ.. කදුවල කැලෑ වවන්න වෙනවා, මහා මාර්ග , නව දුම්රිය මාර්ග,ජලය , විදුලිය, රෝහල් හා පාසල් වගේ යටිතල පහසුකම් ටික හදලා දෙන එක රජයේ වගකීමක්. අලුත් ගම්මාන නිසා ඉක්මණට දියුණු වෙයි, සෞදි රජයෙන් 2004 සුනාමි ආධාර විදිහට හදලා දුන්න ගෙවල් 500 ක් වව්නියාවේ නිකම් වහල දාලා, ඒවගේ මේ අසරණ මිනිස්සු පදිංචි කරවන්න. දැනට අවුරුදු 19 ක් තිස්සේ ඒ ගෙවල් නිකම් වහලා දාලා තියෙන්නේ...